වරාය ඇමති සහභාගි වූ උත්සවය ගැන විමර්ෂණයක් ඇරඹීම විමතියට !

වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඇතුළු වරාය බලධාරීන් එම උත්සවයට සහභාගි සිටි අයුරු.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විධායක නිලධාරීන්ගේ සංගමය එහි සාමාජිකයන්ගේ දරුවන් ඇගයීම වෙනුවෙන්, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඇතුළු වරාය බලධාරීන්ගේ ප්‍රධානයෙන් පසුගියදා පැවැත්වූ ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයක් පිළිබඳව වරාය විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වරාය අධිකාරියේ නිලධාරීහු පවසති.

වරාය නියෝජ්‍ය අමාත්‍යවරයා, එම අමාත්‍යංශයේ ලේකම්වරයා සහ වරාය අධිකාරියේ සභාපතිවරයා ද සහභාගි වූ මෙම උත්සවය සංවිධානය කළ විධායක නිලධාරීන්ගේ සංගමයට එරෙහිව වරායේ අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා මෙම විමර්ශනය කැඳවා ඇති බවත් විධායක නිලධාරීන්ගේ සංගමයේ ඇතැම් නිලධාරීන්ගෙන් ඒ පිළිබඳව ප්‍රකාශ පවා මේ වන විටත සටහන් කරගෙන ඇති බවත් නිලධාරිහු කියති.

ලෝක ළමා දිනයට සමගාමීව එම සංගමයේ සාමාජිකයන්ගේ දරුවන් වෙනුවෙන් පැවැත් වූ ‘සිත්තම්‘ චිත්‍ර තරගයේ ජයග්‍රහකයන්ට ත්‍යාග සහ සහතික ප්‍රදානය කිරීම වෙනුවෙන් ලයිට් හවුස් ගැලරිහිදී මෙම උත්සවය පසුගිය 2 වැනිදා පැවැත්වූ බව කියන වරාය නිලධාරිහු එම උත්සවයට ආරාධනා ලැබූ කළමනාකාර අධ්‍යක්ෂවරයා එයට සහභාගී නොවී අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සහභාගි උත්සවයක් පිළිබඳව විමර්ශනයක් කැඳවිම විමතිය දනවන තත්වයක් බව ද සඳහන් කළහ.

කළමනාකාර අධ්‍යක්ෂවරයා එයට සහභාගි වූ කිසියම් උසස් නිලධාරියකුට විරෝධය දක්වමින් උත්සවය වර්ජනය කළේදැයි සැකයක් මතුවන බව කියන එහි නිලධාරිහු මේ පිළිබඳව වරාය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ගේ අවධානය යොමු යුතු බව ද සඳහන් කළහ.

මෙම විමර්ශනය පිළිබඳව දැනගැනීමට වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික අද්මිරාල් එස්. එස්. රණසිංහ මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එයට ප්‍රතිචාර නොදැක්වීය.

(lankadeepa)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න