“රට ම එකට ජාතික මෙහෙයුම් සභාවේ” තෙවන සැසිවාරය පවත්වයි

“රට ම එකට ජාතික මෙහෙයුම් සභාවේ” තෙවන සැසිවාරය පවත්වයි

ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම ‍වෙනුවෙන් ගොඩනගන ලද “රටම එකට ජාතික මෙහෙයුම් සභාවේ” තෙවන සැසිවාරය සඳහා අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.

එම අවස්ථාවේ දී ජනාධිපතිවරයා, විෂ මත්ද්‍රව්‍යවලට එරෙහිව මේ වන විට සිදු කෙරෙන වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් මෙන්ම පුනරුත්ථාපන ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බලමින් ඊට කැප වී කටයුතු කරන සියලු දෙනා‍ ගේ සේවාව ඇගයීමට ලක් කළේ ය.

පසුගිය සාකච්ඡාවේ දී තීරණය කළ පරිදි අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීම සම්බන්ධයෙන් නව නීති සකස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ද ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේ ය.

රටේ භෞතික සංවර්ධනය මෙන්ම සමාජයේ යහපත් පැවැත්ම සහ ස්ථාවරභාවයේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම ජාතික වැඩසටහන පුළුල්ව ඉදිරියට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අධ්‍යාපන ආයතන, රාජ්‍ය ආයතන, ස්වේච්ඡා සංවිධාන සහ කලා සංවිධාන ඇතුළු සියලු පාර්ශ්ව ඒකාබද්ධ කර ගත් ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කරන ‍ලෙසද උපදෙස් ‍ලබා දුන්නේ ය.sex

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න