Image

“පියුමා” 28 තෙක් තවදුරටත් රිමාන්ඩ්!

“පියුමා” 28 තෙක් තවදුරටත් රිමාන්ඩ්!

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන හපුන්ත්‍රිගේ දොන් පියුම් හස්තික නොහොත් "පියුමා" නැමැත්තා ලබන 28 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ මෙම සිද්ධියට අදාළව නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි.

විදේශ ගතව සිටිමින් මෙරට පාතාල කල්ලි සාමාජිකයන් මෙහෙයවීම, මනුෂ්‍ය ඝාතන සිදු කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම්, සංවිධානාත්මක අපරාධ ක්‍රියාවන්  සිදු කරමින් ජාතික ආරක්ෂාවට මහජන සාමයට අවහිර වන ලෙස කටයුතු කළ බවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රිමාන්ඩ් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හරින ලද සළිදු මල්ෂික නොහොත් කුඩු සළිදු නැමැති සැකකරු ගේ ගෝලයෙකු බව කියන සැකකරුවෙකු වන පියුම් හස්තික යන අය  මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

බන්ධනාගාරය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ නැති අතර සූම් තාක්ෂණය ඔස්සේ සැකකරු නිරීක්ෂණය කෙරිණි.

මෙම නඩු විභාගයේදී සැකකරු බන්ධනාගාරය විසින් සෘජුවම අධිකරණයට ඉදිරිපත් කර නොමැති අතර, සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ සැකකරු නිරීක්ෂණය කෙරිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න