QR කෝඩ් එක දැමීමෙන් ලංකාවේ සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය, ඌබර් කර්මාන්තය, resturant එදිනෙදා ව්‍යාපාර යනාදි සියල්ල කඩාගෙන වැටෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසී ය.
පශ්චාත් උපාධි විද්‍යා අධ්‍යයනායතනය (PGIS), පේරාදෙණිය විශ්වවිද්‍යාලය නොවැම්බර් 7 සහ 8 දිනයන්හි දී PGIS පරිශ්‍රයේ දී.
තලවතුගොඩ ප්‍රදේශයේ SPA වැටලීමේ සිද්ධියේ දී මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ගල්අඟුරු මිලදීගැනිමේ දී එතෙක් පැවති ටෙන්ටර් පටිපාටි වෙනස් කර Trident Chemphar සමාගමට එම ටෙන්ඩරය ලබා දුන්නේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ද යන්න සැක සහිත යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) හිටපු අධ්යක්ෂ (නීති සේවා) වරියට එරෙහි විධිමත් විනය පරීක්ෂණ වාර්තාව මඟින්, ඇයගේ රාජකාරි පැහැර හැරීම් හේතුවෙන් අධිකාරියට අතිවිශාල මූල්‍ය පාඩුවක් සිදු වූ ආකාරය පිළිබඳ තීරණාත්මක වැරදි හයක් යටතේ ඇයව තනතුරෙන් ඉවත් කර තිබුණි.
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කැබිනට් මණ්ඩලයට කරන ලද යෝජනාවක් ප්‍රකාර, රනිල් වික්‍රමසිංහ පාලනය විසින් ශ්‍රී ලංකාවට වීසා ලබාදීමේ ක්‍රමවේදය විදේශීය සමාගමක් එකතුකර ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු ආදයමක් නොලැබුන බව විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වාර්තාව සඳහන් වේ.
මෙම ශීත සෘතුවේ දී මොල්ඩොවා රාජ්‍යයේ සිට VisionAir සෘජු ගුවන් වාර 09 ක් මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළට සැලසුම් කර ඇත. එම ගුවන් වාර නවයෙන් සංචාරකයින් 1,500 ක් පමණ රැගෙන ඒමට බලාපොරොත්තු වන අතර, දළ වශයෙන් ඩොලර් 2,250,000 පමණ විදේශ විනිමයක් රටට උපයා ගත හැකි බව අප විශ්වාස කරමු.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන නියෝගය මේ මස 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළේ ය.
ජනාධිපති ලේකම් කාර්යායේ සේවකයෙකු ලෙස රාජ්‍ය සේවයට බැඳී හිටපු අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් ගේ ඉන්ධන පිරවුම්හලේ සේවය කළ බව කියන සේවකයෙකු ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය අද (12) නියෝග කළා.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් සහ ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයා ඇප මත මුදා හැරිිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද(18) නියෝග කළේ ය.
දැඩිසත්කාර ඒකක තුළ උග්‍ර වකුගඩු ආබාධ තත්ත්වය පත්ව (acute kidney injury -AKI) ප්‍රතිකාර ලබන වකුගඩු රෝගීන් කළමණාකරණය කිරීම සඳහා ලබාදෙන අඛණ්ඩ වකුගඩු ප්‍රතිස්ථාපන චිකිත්සාව (Continuous Renal Replacement Therapy - CRRT ) සම්බන්ධව මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා වූ විශේෂ පුහුණු වැඩමුළුවක සමාරම්භය පසුගියදා කොළඹ ජාතික රෝහල් ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණ.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කොළඹ පිහිටි හෝටලේකට (උත්සවයක් සඳහා) පැමිණෙන අවස්ථාවේ දුරදක්නයකින් (බයිනෝ එකක්) නිරීක්ෂණය කළ පුද්ගලයන් තිදෙනා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද නියෝග කළේ ය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ වැඩබලන අගවිනිසුරු ලෙස පත්කර ඇත.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු ඉහළ අධිකරණ විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස ස්ථිර වශයෙන් ම දිගු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ 18වන සම්මාන පදවි ප්රදානෝත්සවය ඔලුවිල්හි පිහිටි ප්‍රධාන විශ්වවිද්‍යාල පීඨ ශ්‍රවණාගාරයේදී අද (25) උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය.
භූතානයේ පැවැත්වෙන සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS) සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 අගෝස්තු 31 දින භූතානයේ පාරෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වූවා ය.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ (AMS) නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.
මාර්තු දෙවන දා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නිලධාරීන් අතර හමුවක් පැවතුණි. එහි දී ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නිලධාරීන් විසින් අධ්‍යාපනය සඳහා මානව සම්පත් සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය (HRDEP) පිළිබඳව අග්‍රාමාත්‍යවරිය දැනුවත් කරන ලදී.
මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට (National Institute of Infectious Diseases - NIID) ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සුවිශේෂී පිළිගැනීමක් ලබාදී ඇත. ඒ අනුව ජාතික බෝවන රෝග විද්‍යායතනය ඩෙංගු රෝගීන් කළමනාකරණය පිළිබඳව පුහුණු හා පර්යේෂණ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා මධ්‍යස්ථානය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇත.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ අනුබද්ධිත සමාගමක් වන මෙට්‍රො ට්‍රාන්සිට් සමාගම සදහා නව බස් රථ 104ක් ආනයනය කිරීමට අදාළව ගිවිසුම් ගතවීම බත්තරමුල්ල, කොස්වත්ත පිහිටි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ දී අද (18) සිදුකෙරිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

