ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරන සහ ජනතා විශ්වාසය බිඳ දමන දූෂණයට එරෙහිව, පුද්ගල පසුබිම හෝ සමාජ තත්ත්වය නොසලකා කිසිදු බියක් හෝ පක්ෂග්‍රාහීත්වයකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය අඛණ්ඩව කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිවාරය ඇමතූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ජනතාව ලබා දුන් තීරණාත්මක ජනවරමේ ප්‍රධාන අභිප්‍රාය වූයේ විනිවිදභාවයෙන් යුත් සදාචාරාත්මක ජාතියක් ගොඩනැගීම බවයි. එම ජනවරම ඉටු කිරීම සඳහා යහපාලනය, දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සහ ආයතනික විනිවිදභාවය පදනම් කරගත් පුළුල් ජාතික අඛණ්ඩතා වැඩපිළිවෙළක් දැනටමත් සක්‍රීයව ක්‍රියාත්මක කරමින් පවතින බවද හෙතෙම අවධාරණය කළේය.
දේශපාලන මැදිහත්වීම්වලින් තොරව සියලු විමර්ශන සහ නඩු පැවරීමේ කටයුතු ඉදිරියට ගෙන යන බවත්, අල්ලස් හා දූෂණ විමර්ශනය කරන ස්වාධීන ආයතනවල බලතල සහ ස්වාධීනත්වය ශක්තිමත් කිරීමට රජය සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත් අමාත්‍ය විජිත හේරත් මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිවාරයේදී අමාත්‍ය විජිත හේරත් සිදුකළ සම්පූර්ණ ලිඛිත ප්‍රකාශය කියවන්න මෙතනින්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
