සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සහ සේවක භාරකාර අරමුදලේ (ETF) පාලනය හාම්පුතුන් අතරට රැගෙන යෑමට ආණ්ඩුව සූදානම් වන්නේ යැයි. කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ "EPF පනත් සංශෝධනය සහ අරමුදල් ඒකාබද්ධ කිරීම සඳහා ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පෞදගලික සේවක මධ්‍යස්ථානය ( PWC ) අද (12 ) කම්කරු අමාත්‍යංශයට පැමිණි අවස්ථාවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව…
මහින්ද රාජපක්ෂ කරන්න සූදානම් වුණෙත් මේ වැඩේ ම යි
"අද අපි කම්කරු දෙපාර්තමේන්තුවට ආවා. පසුගිය දවස්වල ආණ්ඩුව නිල තීරණයක් ගත්තා සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) කියන දෙක ම සම්බන්ධයෙන්. ඒ තීරණය තමයි මුලින් සාකච්ඡාවට ආවේ - මේ අරමුදල් දෙක ම ඒකාබද්ධ කරනවා කියන එක. ඒ වගේම මේ අරමුදල් දෙක ඒකාබද්ධ කරලා හදන ව්‍යූහය පාලනය කරන්න හාම්පුතුන්, රජය සහ කම්කරුවන් ඇතුළත් වෙච්ච ව්‍යූහයක් සකස් කරනවා කියලා. මේක ඉතාම පැහැදිලිව මේ රටේ හාම්පුතුන් කාලයක් තිස්සේ ඉල්ලපු දෙයක්; ඔවුන්ගේ ආර්ථික වාසි වෙනුවෙන් මේ අරමුදල පාවිච්චි කරන්න ඉඩ ලබාදෙන්න කියලා. මේ උවමනාව තමයි මහින්ද රාජපක්ෂ කරන්න සූදානම් වුණේ. රොෂේන් චානකලා ජීවිත පරිත්‍යාගයෙන් අවසානයේ බේරගත්තේ මේ අරමුදල; මේ උවමනාවෙන් තමයි බේරගත්තේ. ඒ නිසා මේ උවමනාවේ තියෙන අවසාන ඉලක්කය තමයි අද අර්ථසාධක අරමුදල තියෙන්නේ යම්කිසි ආරක්ෂිත තත්ත්වයක් ඇතුළේ. මහා බැංකුව තමයි මේක පාලනය කරන්නේ. භාණ්ඩාගාරයට ණය ලබාදීම තමයි මේ අරමුදල හරහා සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් දැන් උත්සාහ කරන්නේ මේ අරමුදල භාණ්ඩාගාරයට ණය ලබාදීම වෙනුවට, නැත්නම් බැඳුම්කරවල ආයෝජනය කරනවා වෙනුවට කොටස් වෙළඳපොළට ගෙනියන්න. මේක කාලයක් තිස්සේ තිබිච්ච යෝජනාවක්. ඒ නිසා ඒ යෝජනාව ඉෂ්ට කරගන්න තමයි මේ අරමුදලේ පාලනය හාම්පුතුන් අතරට ගෙනියන්න හදන්නේ.
දැන් මේ අය රස කර කර කන්නෙ රනිල් වික්‍රමසිංහලා කාලා විසි කරපු මස්කටු
දැන් මේක කරන්න ආණ්ඩුව ඉදිරිපත් කරන තර්කය තමයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) එක කිව්වා කියන එක. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව තමයි මේක කරන්නේ කියලා. අපි පැහැදිලිව ප්‍රශ්න කරනවා ජාත්‍යන්තර කම්කරු සංවිධානය එවැනි ප්‍රමිතියක් සම්බන්ධයෙන් මේ ආණ්ඩුවට ඉදිරිපත් කරලා තියෙන ලියවිල්ලක් හෝ එවැනි ප්‍රමිතියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ බලකිරීමක්, ඉදිරිපත් කරපු යෝජනාවක් අපිට පෙන්නන්න! බොරු කතා කියන්න එපා; ILO එකේ එහෙම සම්මුතියක්වත්, ILO එකේ එහෙම ප්‍රමිතියක්වත් නැහැ. මේක තනිකරම මේ ආණ්ඩුව හාම්පුතුන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න, ධම්මික පෙරේරාලගේ, අශෝක පතිරගේලාගේ උවමනාවන් ඉෂ්ට කරන්න කරන වැඩපිළිවෙළක්. ඒ නිසා මේක මීට කලින් ආණ්ඩු කරන්න හදද්දී මේගොල්ලෝ රතු කොඩි අරගෙන පාරවල් දිගේ ගියා. රතු කොඩිවලින් උද්ඝෝෂණය කළා. අද ලැජ්ජාවක් නැතුව ඒ රතු කොඩිය පාගලා, කම්කරු ජනතාව පාවා දීලා මේක කරමින් ඉන්නවා. ඉතාම කණගාටුයි, මේ රනිල් වික්‍රමසිංහලා කරපු වැඩ, රනිල් වික්‍රමසිංහලා කාලා විසික් කරපු මස්කටු දැන් මේගොල්ලෝ රස කර කර කනවා; කම්කරුවන්ට කවන්න හදනවා.
අන්තර් සමාගම් සේවක සංගමයට පණිවිඩයක්
විශේෂයෙන්ම අර්ථසාධක අරමුදල කියන්නේ මේ රටේ කම්කරුවාට අවසාන හුස්ම හෙළද්දී තියෙන එකම අයිතිය, එකම සැනසීම. ඒක තමයි මේ කොල්ලකන්න හදන්නේ. මේ අරමුදල පාවා දුන්නා කෙළින් ම මේ රටේ දේශීය ණය ප්‍රතිගත කරද්දී. දැන් මේක කොල්ලකන්න හදනවා. ඒ නිසා මේක වළක්වන්න මේ රටේ වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පාරට බහින්න ලෑස්ති වෙන්න කියලා. ඒ වගේම අන්තර් සමාගම් සේවක සංගමයේ සහෝදරයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා, ඒ වගේම වැඩකරන වෘත්තීය සමිති සහෝදරයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ පාවාදීමට ඉඩ දීලා අන්තර් සමාගම් සේවක සංගමය යූනියන් කරන්න හදන්න එපා, නැතොත් එහෙම ඒක විශාල ඛේදවාචකයක් බවට පත්වෙයි, විනාශයක් බවට පත්වෙයි කියන එකත් අපි ඔවුන්ට අනතුරු අඟවනවා."

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
