මේ මොහොත වන විට අප රටේ බලශක්ති ක්ෂේත්‍රයේ බරපතළ අර්බුධයක් නිර්මාණය වී ඇති බවත් ලක්විජය බලාගාරයට යොදාගන්නේ ප්‍රමිතියෙන් අඩු බාල ගල් අඟුරු බවට සමගි ජන බලවේගය දත්ත සහිතව විද්‍යාත්මකව සහ තොරතුරු කේන්ද්‍රීයව ඉදිරිපත් කරන විට රජය විසින් මේ ගල් අඟුරු ප්‍රමිතියෙන් ඉහළ බවට කියමින් ගිය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (20) තිස්සමහාරාම සුදුවැලි පැලැස්ස බක්මහ උළෙල සඳහා සහභාගී වී, අන්දරගස් වැව රණසිංහ ප්‍රේමදාස පිරිවෙන් විහාරස්ථානයේ නායක පූජ්‍යපාද කිරුළපන සුද්ධම්ම ස්වාමීන් වහන්සේ මුණ ගැසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
ජනතා විරෝධය ඉදිරියේ ආණ්ඩුව පරාදයි
''බලාගාරයේ වාර්තාවල තොරතුරු හා දත්ත බොරු බවට රජය පැවසුවත් අවසානයේ ජනාධිපතිවරයා ම පාර්ලිමේන්තුවේදී තමන්ගේ බලශක්ති ඇමතිවරයා විශ්වාසභංගයෙන් බේරා ගැනීමට කරුණු කාරණා ඉදිරිපත් කරමින් වාද විවාද කරමින් බාල ගල් අඟුරු ජාවාරම තහවුරු කරන්නට, බාල ගල් අඟුරු ක්‍රියාදාමය තවදුරටත් සාධාරණීකරණය කරන්න කටයුතු කිරීම නිසා විශ්වාසභංග යෝජනාව බලශක්ති අමාත්‍යවරයා ප්‍රමුඛ රජය ජයග්‍රහණය කළා. ආණ්ඩුවට 153ක් ඡන්ද ලබා දුන්නත් ජනතාව ගේ ප්‍රබල විරෝධතා ඉදිරියේ ජනතාවගේ දූෂිත ගල් අගුරු ක්‍රියාදාමය හෙළා දකිමින් ඉදිරිපත් වූ මහජන විරෝධය ඉදිරියේ අමාත්‍යවරයාට සහ ලේකම්වරයාට ඉල්ලා අස්වෙන්න සිදු වුණා. ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කියා සිටියේ මේ ගල් අඟුරු ගණුදෙනුව නිවැරදි යැයි වුවත් මේ බාල ගල් අඟුරු ගැන විපක්ෂය දිගින් දිගටම පෙන්වා දී විදුලිය නියමිත පරිදි උත්පාදනය කරන්න නොහැකි බව සාක්ෂි සාධක සහිතව පෙන්වා දුන්නා. අවසානයේ ආණ්ඩුව විශ්වාසභංගය ජය ගත්තත් ජනතා විරෝධය ඉදිරියේ බලශක්ති ඇමතිවරයාට සහ ලේකම්වරයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණා.
රජය ඉන්ධන මාෆියාවේ ගොදුරක් බවට පත්වෙලා
මේ පෙරළිය සිදුවූයේ සමගි ජන බලවේගය ප්‍රමුඛ කණ්ඩායම ජනතාව නිවැරදි දත්ත හා තොරතුරුවලින් සවිබල ගැන්වූ නිසා. මේ මොහොත වන විට බලශක්ති ක්ෂේත්‍රයේ ගැටලු රැසක් පවතිනවා. පුනර්ජනනීය බලශක්තියට රජය මරු පහරක් එල්ල කරනවා. සූර්ය බලය හා පුනර්ජනනීය බලශක්ති පලුදු කර සූර්ය බලශක්තියට ආයෝජකයන් උනන්දු කරනවා වෙනුවට මේ තුළින් ආයෝජකයන් පළවා හැරීමට විවිධ උපක්‍රම යොදමින් සිටිනවා. අද වන විට වත්මන් රජය ඉන්ධන මාෆියාවේ ගොදුරක් බවට පත්ව ඉන්ධන මාෆියාවේ සුවච කීකරු හවුල්කරුවකු බවට පත්වෙලා. HSBC ආයතනයේ ප්‍රධාන නිලධාරීවරයකු අප රට ඉන්ධන මිල දී ගත් මිල ගණන් ගැන ප්‍රශ්න කරනවා. මෙහි දී ඔහු පෙන්වා දෙන ආකාරයට වෙනත් රටවල් සමග සංසන්දනය කරන විට වැඩිපුර මුදලක් ඉන්ධන වෙනුවෙන් වැය කර ඇති බව පවසනවා. මෙ රජය ඩීසල්වලට ගෙවන මුදල දැන ගැනීමට අවශ්‍ය යි. මේ නිසා අසරණ වන්නේ අප රටේ ඉන්ධන පාරිභෝගිකයා. 75 ලක්ෂයක් විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කළා සේම ජාත්‍යනතර යුද්ධයක් ඇති මොහොතක නිර්මාණය වී ඇති අවිනිශ්චිතභාවය තුළ අප රටේ ඉන්ධන පාරිභෝගිකයාට රජය කරන්නේ බරපතළ අසාධාරණයක්. ලෝකයේ බොහෝ රටවල් ඉන්ධන මත ඇති බදු අඩු කර පාරිභෝගියා ආරක්ෂා කළත් වත්මන් රජය බදු පිට බදු ගසමින් යනවා.
වරායේ ගොඩබාන මිලට ඉන්ධන දෙනවා කිව්වත් අදටත් බදු ගසමින් ඉන්ධන මිල වැඩි කරනවා. ඊට අමතරව මේ අවිනිශ්චිතභාවය උපයෝගී කර ගෙන වැඩි මිලට ඉන්ධන ගෙන ජනතාව පීඩාවට පත් කරනවා. දැන් මේ කරුණ පවා හෙළිදරව් වී ඇති මොහොතක රජය මේ ආකාරයට බලශක්ති ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නේ ඇයිද කියා ප්‍රශ්න කරනවා. රටේ ඇති එකම විකල්ප ආණ්ඩුව ලෙස මේ ඉන්ධන මිලදී ගැනීම විවෘත පදනමක් මත සිදු කර රටේ ජනතාවට විනිවිදභාවයෙන් යුත් ඉන්ධන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න සමගි ජන බලවේගය කටයුතු කරනවා. ගල් අගුරු හරහා 75 ලක්ෂයක් විදුලි පාරිභෝගියන් අනාථ කළා සේ ඉන්ධන මිලදී ගැනීමේ දී මෙවැනි දේවල් සිදු කර ඉන්ධන පාරිභෝගිකයන් අසරණ කරන වංචාකාරි ක්‍රියා සිදු නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
