Face bookහි සැරිසරද්දි හරිම අපූරු සිද්ධියක් ඇස ගැටුණා. ඒ තමයි මොනරාගල රාජකීය ජාතික පාසලේ ගුරුවරියන්ට සුදු සාරියෙන් සැරසිලා පාසලට එන්න යැයි කියා තිබෙන පුවත.
ඇත්තට ම මේ වගේ අමන තීරණයක් ගත්තෙ කවුද? ඒක පළාත් සභාවේ තිරණයක් ද, එහෙමත් නැතිනම් පාසලේ ප්‍රධානියා ගේ තීරණයක් ද? ඒක හරියට අර ග්‍රාම නිලධාරිනියන්ට සුදු සාරියෙන් ම සැරසිලා රාජකාරියට එන්න කියල පනවල තිබුණ නීතිය/රීතිය වගේ. ඇයි මේ විදියට මිනිස්සුන් ගෙ (මෙතන 'මිනිස්සු' කිව්වෙ පොදුවේ මානාවයා කියන අරුතෙන්) අයිතිවාසිකම් අමු අමුවෙ ම උල්ලංඝනය කරන්නෙ...?
මේ සිද්ධියට අදාළව ලංකා ගුරු සංගමයේ ලේකම් කළ ප්‍රකාශයක පෝස්ටුවක් ද පළ කර තිබුණා. මෙය මතුපිටින් සරල වුණාට ඉතාම බරපතළ ප්‍රශ්නයක්. ඒ නිසා අපි අධ්‍යාපන ඇමතිතුමියට කියා සිටිනවා මේ සම්බන්ධයෙන් සොයා බලා වහාම සුදුසු පියවරක් ගන්න කියල.
මතු පළ වන්නේ තිළිණි ෂැල්වින් නමැති ගුරුවරිය පළ කළ තිබු අදහස සහ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පළ කළා යැයි සඳහන් පෝස්ටුව යි.
මිනිස්සු කොච්චර බැන්නත් සුලුතර ප්‍රජාවගෙ කඩවෙන අයිතිවාසිකම් වෙනුවෙන් හැමදාම පෙනී ඉන්නෙ "ලංකා ගුරු සංගමය".
සුලුතර ප්‍රජාවත් මනුස්සයො තමයි. සමාජයේ කවර හෝ කොටසක මූලික අයිතිවාසිකම් කඩ වෙනවනම් මිනිස්සු හැටියට අපිට සමාජ වගකීම තියනව ඒවට මැදිහත් වෙලා ඒ වෙනුවෙන් කතා කරන්න. මං මතු කරපු ටීචර්ස්ල පිට සාරි පටවලා රටේ සංස්කෘතිය මනින මිම්මට එරෙහිව මාත් එක්ක හිටගත් ඔබ සැමට ස්තූති කරන ගමන් ආරාධනා කරනව ස්ටාෆ් එකේ කාන්තා ගුරුවරියො මත පමණක් සුදු සාරි ඔතලා පාසලේ නම්බුව රකින්න හදන, ඒ පාසල තුළ පීඩිත ගුරුවරියො වෙනුවෙනුත් සහය දෙන්න කියලා.
මිනිස්සු කොච්චර බැන්නත් දරුවන්ගෙ, ගුරුවරුන්ගෙ අයිතිවාසිකම් සම්බන්ධ ප්‍රශ්න හැමදාම ප්‍රශ්න කළේ ලංකා ගුරු සංගමය. අනික් ගුරු සංගම්වලටත් පුළුවන් මේ වෙලාවෙ මේ අසාධාරණ නීති පැනවීම් ගැන ඔබේ හඬ අවදි කරන්න.
පීඩිත ගොඩේම තවත් එක් පීඩිතයෙක් ලෙස සිටින ගමන් පීඩිතයා ම පෙළන්න නොහිතන සුබ අලුත් අවුරුද්දක් වේවා.....!
තිලිනි ෂැල්වින්
අවධාරණය අපෙන්...
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
