මේව තමයි රූකඩ ආණ්ඩු.... - දිලිත් කියයි

මේව තමයි රූකඩ ආණ්ඩු.... - දිලිත් කියයි

මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ අක්මීමන මැතිවරණ කොට්ටාසයේ හියාරේ හීන්පන්විල හා මානවිල ගුඩ්ලක් හෝටලයේ පැවති සර්වජන සභා පිහිටුවීමේ අවස්ථාවට සහභාගි වෙමිනි

මෙහිදී අදහස් දක්වමින් හෙතෙම මෙසේද පැවසීය.

අපි මේ දේශපාලනයෙන් යැපෙන්න ඉන්න අය නොවේ..

”මේ දිස්ත්‍රික්කයෙනුත් පාර්ලිමේන්තුවට ගිහින් ඉන්න අය මිනිස්සු විඳින දුක දන්නෙ නැද්ද. නමුත් දැන් හැසිරෙන්නෙ කොහොමද. දැන් ඇස් බැන්දුම් කරන්නෙ කවුද. වෙන ආණ්ඩුවක් මේ ඇස්බැන්දුම් කරානම් අපිට කියන්න පුළුවන් මුන්ට දුක තෙරෙන්නෙ නෑ කියලා. ටයි කෝට් ගහගෙන, තඩි ගැටේකුත් ගහගෙන, මොකක්ද මේ උනේ. මේ උනේ අපිටත් නොතේරෙන පටලැවිල්ලක මේ ආණ්ඩුව හිරවෙලා. මේවට තමයි රූකඩ ආණ්ඩු කියන්නෙ.

දේශපාලන විද්‍යාවේ උගන්වන දුර්වල රාජ්‍යයක් කියන්නෙත් ඕකට. බැරිම මිනිස්සු ටිකක් ගෙනැල්ල එකතු කරල රටේම සහයෝගයෙන් බලයට ගෙනාව. ගෙනැල්ල මුන් නටවනව. ඕන ඕන විදිහට නටවන්න සහයෝගය දෙනවා. බලන් ඉන්න. ඔබට පේනව රූපවාහිනී තිරය බලනවිට මේ ගොල්ලන් ඒ ලැබෙන සහයෝගයෙන් ඕන විදිහට නටවනවා කියල. දැන් රණවිරුවන් එවන්න කිව්වොත් යවන්න මේ අය සූදානම් වෙයි. ඒ වගේමත් යවයි. ගිහිල්ල තියෙන වැඩේ බොහොම කනගාටුයි.

මේ තත්ත්වය වෙනස් කරනවනම් බොරු දේශපාලනය කරල වැඩක් නෑ. මට වැඩකුත් නෑ, ඔබට වැඩකුත් නෑ. අපි මේ දේශපාලනයෙන් යැපෙන්න ඉන්න අය නොවේ. අපේ බොහෝ අය ලොකු ව්‍යවසායකයන්. ඕනෑ තරම් සල්ලි තියෙනවා. අපි සල්ලි දෙන්නෙ නෑ, සහයෝගය දෙනවා. ව්‍යවසායකයන්ට මේකට වියදම් කරගෙන දුවන්න පුළුවන්. නැත්නම් මේ අයත් පුරුදුවෙනව ඒ දේශපාලනය. නමුත් ඒ දේශපාලනය නොවේ අපි කරන්නේ.
 
ජේ.ආර්.ජයවර්ධනටත් එහා ගිහිල්ල...

අපේ අනුර කුමාර සහෝදරයා නිර්දන ප්‍රාන්තිකයෙක්. ගමින් ආපු මිනිහා, දැන් මොනතරම් සහ කම්පනයක් තියෙනවද. මේ ගමේ මිනිස්සුද. ජේ.ආර්.ජයවර්ධනටත් එහා ගිහිල්ල. මේ අය ජිනීවාවලට ගියා, අපේ රණවිරුවන් දඬුකඳේ ගහන්න යෝජනාව ආව. ඡන්දයක්වත් ඉල්ලුවේ නෑ. අපිත් එක්ක හිටගෙන හිටිය අය මට කියන්න පුළුවන් බය නැතිව.

මමත් අනුරාධා යහම්පත් මැතිනියත් ප්‍රධාන පෙළේ තානාපතිවරුන් හමුවුණා. මොකද මීට කලින් අපි මේ අනතුරු දැක්කා. ඒ තානාපතිවරුන් දෙදෙනෙක් අපෙන් ඇහුවා ඔබ ඇවිල්ල මෙතන කතා කළාට ඔබේ ආණ්ඩුව අපි හමුවෙන්නවත් ආවෙ නෑ කියලා. ආණ්ඩුවේ මතය කිව්වෙ නෑ. දැන් වෙන්නෙ මේකයි. අපේ නිර්ධන ප්‍රාන්තික ජනාධිපති සහෝදරයා එතුමාට අමතක උනා එතුමා අවෙ කොහෙන්ද කියලා. මට හොඳට මතකයි මම අවෙ කොහෙන්ද කියලා. මම ගියේ 375 බස් එකේ. ඒව මතකයේ තියෙනවා.

(සුනිල් ජී මැටරඹ- හිනිදුම)
වීඩියෝ
 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න