බෞද්ධ කොඩිය නිර්මාණය කළේ දවස අද වගේ දවසක බවත්, සියලු ආගමිකයින් සිටිය ද මේ සිංහල බෞද්ධ රටක් බවත් මේ දිනවග මේ පිළිබඳව විවිධ කාරණා කතා වනවා යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් පළ කළ රවි කරුණානායක...
ආණ්ඩුව ඉදිරි දැක්මක් සහිතව වැඩ කළ යුතු යි
''IMF එකේ ජෝර්ජියා මැතිනිය ලංකාවට එනවා; ඉදිරියේ දී කටයුතු කළ යුතු ආකාරය ගැන එතුමිය සාකච්චා කරයි. එදා රනිල් ජනාධිපතිතුමා ගත් තීන්දු නිසා අද රටට ආර්ථික ශක්තියක් ලැබිලා තිබෙනවා. 2028 සිට ණය ගෙවන්නේ කෙසේ ද කියලා බලන්න ඕන. මේ රටේ ප්‍රාග්ධන වියදමක් නැති වෙලා. සංචිත නැති ණම් ණය ගන්න බෑ. දිට්වා නිසා ලොකු හානියක් උණා. 2025 එකපාර සංචිත වැඩි උණා. මේ සංචිත ගැන සැබෑ තත්ත්වය පෙන්වන්න අවශ්‍යයි. අපිට අවශ්‍ය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ කෙසේද කියලයි. වියදම නිසා උද්ධමනයක් ඇති වෙනවා. LC විශාල ප්‍රමාණයක් ඇරීම සුදුසුද කියන එක ප්‍රශ්නයක්. කාර් ගේන්න ඕන ද මෙච්චර කියලා ප්‍රශ්නයක්. මේකෙන් ආර්ථිකයට ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන්. ආණ්ඩුව ඉදිරි දැක්මක් එක්ක වැඩ කරන්න ඕන.
රනිල් වික්‍රමසිංහ දේශපාලනයෙන් සමු ගන්නවා...?
ආනයනය කිරීමේ හැකියාව ඇති කරන්න ඕන. කෘෂිකර්මය හරහා ලොකු දෙයක් කරන්න පුළුවන්. ලාල් කාන්ත ඇමතිතුමා ලොකු ඉදිරි දැක්මක් එක්ක ප්‍රකාශ නිකුත් කරනවා. මේ රටට ආයෝජන එන්නේ නෑ. ඒ ආයෝජන ඇති කරන්න ඕන. රුපියල ශක්තිමත් වෙලා නෑ. උද්ධමනය ජනතාවට බලපාන්නේ කෙසේද කියලා බලන්න ඕන. ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව වර්ධනය වෙලා නෑ. අපි, අපේ කාලයේ රුපියල ආරක්ෂා කරන්න වැඩ කළා. රනිල් වික්‍රමසිංහ හිතුවේ රට ගැන. එයා දේශපාලනය ගැන හිතුවේ නෑ. ඒකයි රනිල් වික්‍රමසිංහ මහතා දැන් දේශපාලනයෙන් විශ්‍රාම ගිහින් තියෙන්නේ. IMF එකේ නිලධාරීන් ගේ පැමිණිම, සාකච්ඡාව සුභ වාදී කරන්න ඕන. අපි යෝජනා ඉදිරිපත් කරන්න ඕන. නායකත්වය දරණ දේශපාලකයෝ තවම නින්දෙන් ඇහැරිලා නෑ. තුන් හතර දෙනෙක්ගේ කුමන්ත්‍රණ අනුව වැඩ නොකර රටේ දේශපාලනය කරන්න ඕන.
එකතුවීමට බාධාකරන ජාතිද්‍රෝහියෝ කවුද...?
මම නෙවෙයි; රනිල් වික්‍රමසිංහ මහතා ම කිව්වා එතුමා දේශපාලනයෙන් විශ්‍රාම ගියා කියලා. එක්සත් ජාතික පක්ෂය ජනතාවාදී වෙන්න ඕන. සමගි ජන බලවේගය සහ එජාපය එකතු වෙන්න ඕන. එජාපයට ඡන්දෙ දුන්නේ නැත්තේ විහිළු කරපු නිසා. පක්ෂ ඔක්කොම එකට වැඩ කරන්න ඕන. කොහොමද මේ ශාපය නැති කරන්නෙ කියලා බලන්න ඔ්න. මේ එකතුවීමට බාධාකරන ජාතිද්‍රෝහියෝ කවුද කියලා බලන්න ඕන. රටේ ආරක්ෂාවත් වැදගත්. පලාත් සභා මැතිවරණය පවත්වන්න අවශ්‍යයි. අධි ආරක්ෂිත කලාප විතරක් නෙවෙයි ලංකාවේ හැම තැනම ආරක්ෂාව වැදගත්. ජීවිත ආරක්ෂා කරන්න ඕන.''

