'රටේ අර්බුධයක් නෑ' යැයි පැවසුව ද ආයෝජනයට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට අඛණ්ඩව විදුලිය ලබා දීම සිදු වුව ද මේ වන විට නොරොච්චෝල බලාගාරය කේන්ද්‍ර කර ගෙන බරපතළ ජාතික අර්බුදයක් පවතින්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (19) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 -2 යටතේ අදහස් පළ කිරීමේ දී ය.
එහි දී වැඩි දුරටත් අදහස් පළ කළ විපක්ෂ නායකවරයා...
නොරොච්චෝලේ අළු ප්‍රශ්නයක්
''12 වැනිදා මෙගාවොට් 51, 13 වැනිදා මෙගවොට් 130ක්, 14 වැනිදා 135ක්, 15 වැනිදා 132ක්, 16 වැනිදා 148ක් සහ ඊයේ දිනයේ ද මෙගවොට් 176ක් අඩුවෙනුයි විදුලිය උත්පාදනය කර තිබෙන්නේ. බල ගල්අඟුරු යෙදවීම යුද්ධය නිසා සිදු වූවක් නොවයි. අද වන විට භයානක තත්ත්වයක් ඇතිව පියාසර අළු සහ තැන්පත් අළු වැඩි ප්‍රමාණයක් නිපදවීම නිසා අළු කළමනාකරණ උපකරණවලට ගැටලු මතුව තිබෙනවා. මේ නිසා විදුලි ජනනය අඩු වී අළු ප්‍රමාණය ඉහළ යාමක් සිදු වෙලා. මේ තුළින් පවතින අර්බුදය පැහැදිලි යි. අලුත් අවුරුදු සමයේ සිමෙන්ති සමාගම් වහන නිසා මේ අලු ඉවත් කිරීම ගැටලුවක්. මේ නිසා මේ අළු ටික අළු කන්දට යැවිය යුතු යි. මේ නිසා බරපතල පරිසර ව්‍යවසනයක් පවා නිර්මාණය වෙලා එය සෞඛ්‍ය බලපෑමකට ද හේතුවක් විය හැකියි. වැඩිහිටියන්ට, දරුවන්ට, ගැබිනි මව්වරුන්ට සහ ස්වසන රෝගීන්ට පවා බලපෑම් සිදු විය හැකියි. මෙය කෘෂිකර්මාන්තයේ ඵලදායිතාවට ද බලපානවා. මෙය අඛණ්ඩ විදුලි සැපයුමට ද බලපානවා. මැදපෙරදිග යුද්ධය නිසා මෙය තවත් වැඩි විය හැකි යි. මහජන උපයෝගීතා කොමිසමට අනුව අප්‍රෙල්, ජුනි, ජුලිවල බලගාර නඩත්තු කටයුතු නිසා විදුලි කප්පදුවක් පවා සිදුවිය හැකි යි. අද වන විට නිර්මාණය වී ඇති අර්බුධය තුළ බරපතළ ගැටලු රැසක් මතුව තිබෙනවා.
භාණ්ඩාගාරය පිරි ඉතිරි ගිය මුදලින් ජනතාවට සහන දෙන්න
ගොවියා, ධීවරයා, පතල්කරුවා, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන් ඇතුළු ප්‍රවාහන ඇතුළු ක්ෂේත්‍ර රැසකට බරපතළ ගැටලු මතුව තිබෙනවා. QR ක්‍රමය තවමත් නිවැරදි වී නැහැ. කර්මාන්තශාලාවල තෙල් පවා කප්පාදු කරලා. බාල ගල් අඟුරු නිසා නියමිත විදුලිය නිෂ්පාදනය කළ නොහැකි නිසා ජනතාවට ලැබිය යුතු ඩීසල් උපයෝගී කර ගෙන විදුලි නිෂ්පාදනය කරන්න කටයුතු කරනවා. ගල් අඟුරු අර්බුධය නිසා නිර්මාණය වන පිරිවැය වැඩි විදුලි බිලක් හරහා යොමු කරන්න රජය සුදානම් වෙනවා. මේ තත්ත්වය තුළ රටේ ජනතාවට අත්වන ඉරණම හිතාගත නොහැකි යි. රජය මොවුන්ට ලබා දෙන උත්තරය දැන ගැනීමට අවශ්‍ය යි. මහා භාණ්ඩාගාරය පිරි ඉතිරි ගිය මුදලින් ජනතාවට සහන දිය යුතු යි. ලෝකයේ සෙසු රටවල් එවැනි දේවල් කළත් අප රටේ එවැන්නක් තවමත් නැහැ.''

