නේපාලයේ සහ ටිබෙට් දේශසීමා කලාපයේ සිදු වූ විනාශකාරී ක්ෂණික ගංවතුර තත්ත්වයෙන් (Flash Floods) මේ වන විට පුද්ගලයින් 95 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර, සිය ගණනක් අතුරුදන්ව ඇති බවත්, අද පෙරවරුවේ සිදු වූ මෙම ආපදා තත්ත්වය හේතුවෙන් නේපාලයේ උතුරු ප්‍රදේශයට සහ චීන-ටිබෙට් දේශසීමාවට දැඩි හානි සිදු වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
මේ හේතුවෙන් නේපාලයේ රසුවා (Rasuwa) සහ නුවාකෝට් (Nuwakot) දිස්ත්‍රික්කවල කඳුකර ප්‍රදේශවලට මින් දැඩි හානි සිදු විය. මීට අමතරව ධාඩින් (Dhading) සහ ගෝර්කා (Gorkha) යන ප්‍රදේශවලින් ද මරණ වාර්තා වේ.
මේ වන විට විදේශීය සංචාරකයින් සහ වන්දනාකරුවන් 291 දෙනෙකු ඇතුළු 600 කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බව නේපාල සංචාරක මණ්ඩලය පවසයි. මීට අමතරව නේපාල ආරක්ෂක අංශ සාමාජිකයින් සහ රේගු නිලධාරීන් පිරිසක් ද අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දේශසීමාවේ පිහිටි චීනයේ ගයිරොන්ග් වරාය (Gyirong Port) ප්‍රදේශයට ද දැවැන්ත නායයෑමක් සහ ගංවතුර බලපා ඇති අතර එහිදී ද තිදෙනෙකු මියගොස් 250 කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
