නුවරඑළිය මන්ත්‍රිනිය පාර්ලිමේන්තුවේ හඬා වැටෙයි

නුවරඑළිය මන්ත්‍රිනිය පාර්ලිමේන්තුවේ හඬා වැටෙයි

ව්‍යසනකාරී අවස්ථාවේ කිසිම දේශපාලන උවමනාවක් වෙනුවෙන් මිනිසුන්ගේ මනෝභාවයන් වෙනස් නොකරන ලෙස ඉල්ලා සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් මාලිමා මන්ත්‍රීනී නීතිඥ අනුෂ්කා තිලකරත්න  පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මෙන්ම කොත්මලේ විපතට පත් ජනතාව පිළිබඳව සිහි කරමින් ඇය මෙහිදී හැඬුම්බරව කතා කළාය.

"මහ පොළොවට බරක් නැති මහ පොළොව සමග අති විශාල කාර්යභාරයක් කළ අපේ අහිංසක මිනිස්සු විශාල ප්‍රමාණයක් මේ ස්වභාවික ව්‍යසනය නිසා ජීවිත පරිත්‍යාග කර තිබෙනවා.නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත සහ නුවරඑළිය ආසනයේ අති විශාල පිරිසක් අවතැන් වී සිටිනවා.රජයක් ලෙස ඔවුන් සියලු දෙනා බලාගන්න ගන්න අප සූදානම්.කොත්මලේ නැගෙනහිර කලාපය ඉතිහාසයේ දැවැන්තම ව්‍යසනයකට මුහුණ දී සිටිනවා.ඔවුන්ගේ ජීවිත ඉතාමත් අඩියට වැටිලා.අප සියලු දෙනා එකතු වී ඔවුන් නගා සිටුවිය යුතුයි.ඇතැම් අය කොත්මලේ මිනිස්සුන්ගේ ව්‍යාකූල මානසිකත්වය තව තව ව්‍යාකූල කරනවා. ඒක කරන්න එපා.යනුවෙන්ද ඇය කීවාය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න