නුවරඑලිය ප්‍රදේශයට පසුගිය දින ඇදහැලුණු අධික වර්ෂෘව හේතුවෙන් නුවරඑලිය කදපොල ප්‍රදේශයේ පහත්බිම්වල වගා කර තිබු එළවලු වගාව වැසි ජලයෙන් සහ රොන්මඩවලින් වැසී යෑම හේතුවෙන් අස්වැන්න නෙලීමට ආසන්නව තිබූ එළවලු වගාව මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
ලීක්ස්, කැරට්, ගෝවා වැනි එළවලු වර්ග මේ වන විට සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති අතර, එම එළවලු වගා භූමියට වැලි රොන්මඩ සහ අපද්‍රව්‍ය ගලාගෙන විත් තැම්පත් වීම නිසා එම භූමිය සාරවත් භාවය අඩු වීම හේතුවෙන් ඉදිරියෙදි එලවලු වගාව සිදු කරගෙන යාමට නොහැකි තත්වයක් ඇති වී ඇති බවයි පීඩාවට පත් ගොවීන් කියා සිටියේ.
පවත්නා තත්වය මත එළවලු කොටුවල කම්කරුවන් සේ සේවය කරමින් තම ජීවන උපාය සිදු කරගෙන ගිය කම්කරුවන් විශාල පිරිසකටද රැකියා අහිමි වීම නිසා එම ජනතාවද දැඩි ලෙස පීඩාවට පත් වී ඇත.
පවත්නා තත්වය මත රට තුල එලවලු මිල විශාල ලෙස ඉහළ යා හැකි බවයි එම වෙළෙදුන් කියා සිටියේ.
(රංජිත් රාජපක්ෂ)

