ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලු ම පුද්ගලයින් 2024/2025 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා මෙම මස 30 වෙනිදාට පෙර මාර්ගගතව (Online), තැපැල් හෝ ගෙනවිත් භාරදීම අනිවාර්ය යැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
දේශීය ඖෂධ නිෂ්පාදනය හුදෙක් ආර්ථික අරමුණක් නොව, ජාතික සෞඛ්‍ය ආරක්ෂණයේ ප්‍රධාන ස්ථම්භයක්" බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂයට සභාපතිවරයා ඉදිරිපත් කළ මංගල අයවැය වැඩි ඡන්ද එකකින් අද පරාජයට පත්විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කවින්ද ජයවර්ධන අද ඉන්දියානු නිවසේ දී ( indian house ) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා හමුවිය. එහි දී දොස්තර කවින්ද ජයවර්ධන,
ව්‍යවසායකත්වය යනු ව්‍යාපාර කරනවා යන්න නොවන බවත්, ව්‍යවසායකත්වය යනු මනසක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසී ය.
ධනවාදය අපි කිසිවකු සිතනවාට වඩා රැඩිකල් බවත්, එය එක්තරා මොහොතකට පසු මේ සියලු අරගල අවශෝෂණය කරගත් අතර ම එය ස්වකීයකරණය කරගත්තා යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ධනවාදය තුළ නිරන්තරයෙන් ම අතිරික්තයක් නිෂ්පාදනය වන බවත් එය බෙදාගත හැකි වන්නේ බලය පවතින පාර්ශ්වයට පමණක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
වර්තමානයේ සිදුවෙමින් පවතින හෝ අසන්නට දකින්නට ලැබෙන බොහෝ සිද්ධි (හිටපු දේශපලනඥයින් ගේ දරුවන් වර්තමානයේ ද විවිධ හොරකම් සහ මංකොල්ල කැම්වලට සම්බන්ධ වීම යනාදිය) ධනවාදයේ ව්‍යුහාත්මක පෙරළියත් සමග ඇති වූ පරිභෝජනවාදී සංස්කෘතියේ අතුරු පලයක් ලෙස හැඳින්විය හැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ගේ හේලිස් සමාගම විසින් මෙයට මාස කීපයකට පෙර 40% කොටස් මිලදී ගත් මාතර හරිස්චන්ද්‍ර සමාගමේ කොටස් හිමිකමින් 50% මිලට ගත් ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වාටද බහුතර කොටස් හිමි Ambeon Holdings PLC සමාගම විසින් හරිස්චන්ද්‍ර සමාගමේ පාලන බලය අත්පත් කරගෙන තිබේ.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) පස්වරුවේ නියම කළේය.
සිය නම මතභේදාත්මක ඖෂධයක් ආනයනය කිරීම හා සම්බන්ධ කරමින් ධර්මශ්‍රී කාරියවසම් සිය යූ ටියුබ් නාලිකාවේ අසත්‍ය ප්‍රචාර පතුරුවා හැර මහජන කැළඹීමක් ඇති කළ බවට චෝදනා කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ධර්මශ්‍රී කාරියවසම්ගෙන් රුපියල් බිලියනයක වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමුකර තිබේ.
වත්මන් රජයේ අදූරදර්ශී තීන්දු නිසා ධීවර කර්මාන්තයේ නියැළි ධීවර ජනතාව ගේ ජීවනෝපාය අහිමි වී කබලෙන් ළිපට වැටී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ලංකා ධීවර සංස්ථාවේ දීප ව්‍යාප්ත අලෙවි සැල් 55ක් ඉදිකිරීමේ කටයුතු නියමිත ප්‍රසම්පාදනය ක්‍රියාවලියකින් තොරව සමාගම් දෙකකට ලබාදීමෙන් රජයට පාඩු කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම සංස්ථාවේ හිටපු සභාපති මහිල් ප්‍රියදර්ශී සේනාරත්න ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම අද(18) නියෝග කළේ ය.
වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ රජය කඩිනමින් අධිකරණ පද්ධතියේ විනිසුරුවන් ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ කාර්යභාරය ක්‍රියාත්මක කළත් මේ සම්බන්ධයෙන් ප්‍රධාන පාර්ශ්වකරුවන් සමග කිසිදු සාකච්ඡාවක් නොකර අවිධිමත්ව අක්‍රමවත්ව ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ සෙසු අනපනත් සංශෝධනය සම්බන්ධයෙන් පැහැදිලි ව්‍යාකූලත්වයක්, අවිනිශ්චිතතාවක් සහ බරපතළ විරෝධයක් නිර්මාණය වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසී ය.
2022 ඇති වූ අරගලකාරි අවස්ථාවේදී නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කළ කඳුළු ගෑස් විදිනය මුදා හරින ලෙස කොල්ලුපිටිය පොලිසිය සිදු කළ ඉල්ලීම නිසි පරිදි නැවත සිදු කරන ලෙස කෙටුව මහේස්ත්‍රාත් පසන් අරසේන දැනුම් දුන්නා.
2016 වසරේ රාජගිරියේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ ඊයේ (28) කැඳවී ය.
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී, ආචාර්ය නන්දා මාලිනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා (22) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව මහාචාර්ය සුනිල් ආරියරත්න සඳහන් කළේය.
නයිජීරියාවේ කිතුණු දේවස්ථානයක යාඥාවේ නිරතව සිටි 38 දෙනකු පැහැර ගැනේ.
නයින්වෙල්ස් (Ninewells) රෝහලේ වෛද්‍ය සහ ශල්‍ය සත්කාර වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) එම රෝහල් පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
වයස අවුරදු හතළිහක් වන තුරු ත්‍රී රෝද රථ පැදවීමේ බලපත්‍රය නිකුත් නොකරන්නේ යැයි නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ කළ ප්‍රකාශය තමන් ප්රමුඛ ත්‍රී රෝද රථ රියදුරන් සහ හිමිකරුවන් නිය පිටින් හෝ බාර නොගන්නේ යැයි ශ්‍රී ලංකා ත්‍රී රෝද රථ රියදුරන් ගේ සහ හිමිකරුවන් ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

