Image

දෙනියාය රෝහලේ වෛද්‍ය උපකරණ වෙනුවෙන් ඉන්දියාවෙන් රුපියල් මිලියන 600ක්

දෙනියාය රෝහලේ වෛද්‍ය උපකරණ වෙනුවෙන් ඉන්දියාවෙන් රුපියල් මිලියන 600ක්

දෙනියාය රෝහලේ වෛද්‍ය උපකරණවලට අවශ්‍ය රුපියල් මිලියන 600ක ප්‍රදානයක් ලබාදීම වෙනුවෙන් ඉන්දියාව සහ ලංකාව අත අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.

ඊයේ (13) මෙම ගිවිසුම අත්සන් තබා ඇත්තේ වෙනත් ස්ථානයක අලුතින් ස්ථාපනය කරන රෝහල වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය උපකරණ වෙනුවෙන් යැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රදානත්වයෙන් පැවති චාම් උත්සවයක දී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ දෙපළ එම අවබෝධතා ගිවිසුමට අත්සන් කර ඇත.

මෙම ආධාර මුදල දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් ඉන්දීය රජය ප්‍රකාශයට පත් කළ ඇමරිකානු ඩොලර් 450ක ආධාර පැකේජයේ කොටසක් ලෙස ක්‍රියාත්මක වන බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න