දෙසැම්බර් මාසයේ අස්වැසුම වැඩිහිටි දීමනාව හෙට (18)

දෙසැම්බර් මාසයේ අස්වැසුම වැඩිහිටි දීමනාව හෙට (18)

මේ වසරේ දෙසැම්බර් මාසයේ අස්වැසුම වැඩිහිටි දීමනාව හෙට (18) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බව රජය ප්‍රකාශ කරයි.

ඒ අනුව වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව ලෙස රුපියල් මිලියන 3081කට අධික මුදලක් ගෙවනු ලැබේ.

මෙම මුදල ප්‍රතිලාභීන් 616,346 ක් (හයලක්ෂ දහසය දහස් තුන්සිය හතලිස් හය) දෙනෙකුට හිමිවන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති සහ කොමසාරිස් නිමල් කොටවලගෙදර මහතා පවසයි.

ඒ අනුව අදාළ ප්‍රතිලාභීන්ට හෙට (18) තමාට හිමි වැඩිහිටි දීමනාව අදාළ අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මඟින් ලබාගත හැක.

(සටහන | ජේ.මුණසිංහ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න