මහාචාර්ය ජයදේව උයන්ගොඩ පවසන පරිදි 'බවතරණය' කෘතිය තුළ බුදුන් වහන්සේ පොදුජනකරණය වී ඇති බවත්, ලංකාවේ දේශපාලකයින් ද දේශපාලනය පොදු ජනකරණය කිරීමට ගොස් පොට වරද්දාගෙන ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග දේශපාලනය කිරීමට නම් එම පක්ෂය කරන හැම දෙයක් ම තම පක්ෂය ද කළ යුතු යැයි එදා ජේ. ආර්. ජයවර්ධන අදහස් කළ බවයි.
එක්සත් ජාතික පක්ෂයට චණ්ඩින් ගේ සිට භික්ෂූන් දක්වා වූ පුද්ගලයින් බද්ධ වන්නේ එතැන් සිට යැයි විපුල අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
