ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වූ ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන පත්ව සිටින්නී ය.
මහරගම නාවින්න පිහිටි ආයුර්වේද දෙපාර්තමේන්තු කොමසාරිස් කාර්යාලයේ දී හෙට (06) පෙරවරු 9.00 ට යෙදෙන සුභ මොහොතින් දීප්ති සුමනසේන නව තනතුරේ රාජකාරී ආරම්භ කිරීමට නියමිත ය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන මේ දක්වා කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස්වරියක ලෙස කටයුතු කරනු ලැබුවා ය. කම්කරු නිලධාරීනියක් ලෙස කම්කරු දෙපාර්තුමේන්තුවේ සේවයට එක් වුණු ඇය එම දෙපාර්තුමේන්තුවේ සහකාර කොමසාරිස්වරියක් ලෙසත්, නියෝජ්‍ය කොමසාරිස්වරියක් ලෙසත් සේවය කර ඇති අතර එමෙන් ම කුවෙට් තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශකවරියක ලෙස ද සේවය කර ඇත.
පරිපාලන සේවයේ දීර්ඝ කාලීන හසල අත්දැකීම් ඇති දීප්ති සුමනසේන, රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම කාර්ය මණ්ඩලයේ පිරිසක් ද එක්වීමට නියමිත ය.
(දීප්ති විජේතුංග)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
