මගීන් 300කට අධික පිරිසක් රැගෙන දකුණු ෆිලිපීනයේ 'සුලු' පළාත බලා යාත්‍රා කරමින් තිබූ මගී යාත්‍රාවක් අද (27) අළුයම අනතුරට පත් විය.
ගිලී ගිය යාත්‍රාවේ සිටි අතුරුදන් පිරිස් සොයා වෙරළාරක්ෂක කිමිදුම්කරුවෝ විශේෂ මෙහෙයුමක් දියත් කළහ.
අලෙසන් නැව් සේවයට අයත් ට්‍රීෂා කර්ස්ටින් 3 (MV Trisha Kerstin 3) නම් එම මගී යාත්‍රාව එරට සැම්බොන්ගා සිට සුලු පළාතේ ජොලෝ බලා යාත්‍රා කරමින් පැවතිණි. අනතුරට පත් මගී ජීවිත 316ක් මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත් වූහ. අනතුරින් 18 දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව ඇති බව බලධාරීහු පවසති. තවදුරටත් අතුරුදන් 10 දෙනකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක ය.
යාත්‍රාව ගිලී යාම සම්බන්ධයෙන් වි මර්ශන ආරම්භ කර තිබේ.
ෆිලිපීනයට අයත් දෙවන විශාලතම දිවයින වන මින්දනාවෝ ඔස්සේ 'සුලු' දිවයින් සමූහය වෙත මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන එම නැව් සමාගමට අයත් සියලු ප්‍රවාහන සේවා, එරට ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින්, වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. ඉකුත් සමයේ එම සමාගම සම්බන්ධ සමුද්‍රීය අනතුරු 32ක් වාර්තා වන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.
අනතුරට පත් අවස්ථාවේ යාත්‍රාවේ 344 දෙනකු ගමන් කරමින් සිටි බව, වෙරළාරක්ෂක සේවය කියා සිටී. යාත්‍රාව මගීන් 352ක සහතික ධාරිතාවක පැවති බවද එය කියයි.
දිවයින් 7000කින් පමණ සමන්විත ෆිලිපීනය සමුද්‍රීය අනතුරු සුලබ රටකි. එරට සමුද්‍රීය ආරක්ෂණය ඉතා දුබල තත්ත්වයක පවතී.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Divers to be deployed in search for missing in Philippine ferry sinking

