මෝරුන්ගේ පහරදීම් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිදුවන පුද්ගල අනතුරු සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.
එම වාර්තා පෙන්වා දෙන්නේ, පැය 48ක් ඇතුළත මෝරුන් පහරදීම් සිදුවීම් 4ක් සිදුව ඇති බවය.
ඉන් සිදුවීම් තුනක්ම එරට නැගෙනහිර වෙරළ තීරයේ කිලෝමීටර් 15ක දුරක් ඇතුළත සිදුව ඇති බව මෝරුන් පිළිබඳ පර්යේෂකයන් පෙන්වා දෙන අතර ඉකුත් ජනවාරි 18 වනදා සිඩ්නි වරායේ පිහිනමින් සිටියදී 12 හැවිරිදි දරුවෙකු බරපතළ තුවාල සහිතව රෝහල් ගත කර පසුව මිය ගියේය.
ඊට පසුදින 11 හැවිරිදි දරුවෙකු Dee Why වෙරළ තීරයේදී පහරකෑමට ලක් වූ අතර, ඒ අසල පිහිටි මැන්ලි හිදී පහරකෑ තවත් පුද්ගලයෙකුද බරපතළ තත්ත්වයෙන් රෝහල් ගත කර ඇත.
එමෙන්ම ජනවාරි 20 දින ද නැගෙනහිර වෙරළ තීරයේ කිලෝමීටර් 300ක් (සැතපුම් 186) පමණ දුරින් තවත් ප්‍රහාරයක් සිදුව තිබේ.
ඒ අනුව මෝරුන් පිළිබඳ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, වසර 20ක කාලය තුළ මෝරුන්ගේ පහරදීම් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි.
සිද්ධීන් වේගයෙන් පැතිරීම දේශීය හා ජාත්‍යන්තර අනතුරු ඇඟවීමක් ඇති කළ අතර, තවදුරටත් ප්‍රහාර එල්ල වේ යැයි බියෙන් වෙරළ තීර වැඩි ගණනක් වසා දමා ඇත.

