ට්‍රම්ප්ගේ ප්‍රකාශයට හැරී කුමරුගෙන් ප්‍රබල ප්‍රතිචාර  

ට්‍රම්ප්ගේ ප්‍රකාශයට හැරී කුමරුගෙන් ප්‍රබල ප්‍රතිචාර  

ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම්වලදී නේටෝ භටයින්ගේ කැපකිරීම් ගෞරවය ලැබිය යුතු හැරී කුමරු පවසයි.

විදෙස් වාර්තා සඳහන් කළේ, හැරී කුමරු දෙවරක් ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාකාරී සේවයට එක්ව ඇති අතර එහිදි සිය මිතුරන්ගේ ජීවිත අහිමි වී ඇති බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නෙටෝ භටයින් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් හැරි කුමරු මේ බව සඳහන් කර තිබෙන අතර ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, අෆ්ගනිස්ථානය මෙහෙයුම්වලදී නේටෝ හමුදා මඳක් පිටුපසින් ස්ථාන ගතව සිටි බව‍යි.

ට්‍රම්ප්ගේ ප්‍රකාශය අපහාසාත්මක ප්‍රකාශයක් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් පවසයි.

බ්‍රිතාන්‍ය හමුදා සාමාජිකයින් 457 දෙනෙකු එහිදී ජීවිතක්ෂයට පත්වූ බව ද හැරී කුමරු තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

ඇෆ්ගනිස්ථානයේ පෙරමුණේ සේවය කළ පෝලන්ත හමුදා 33,000ක් අතර සිටි පෝලන්ත විදේශ අමාත්‍ය රඩොස්ලෝ සිකෝර්ස්කි පවසා ඇත්තේ, අපගේ සොල්දාදුවන්ගේ සේවය සමච්චලයට ලක්කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න