ප්‍රංශයේ ළමුන්ට සමාජ මාධ්‍ය ප්‍රවේශය තහනම් කිරීමට පියවර

ප්‍රංශයේ ළමුන්ට සමාජ මාධ්‍ය ප්‍රවේශය තහනම් කිරීමට පියවර

ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් සහය දක්වන ලද යෝජනාවකට වයස අවුරුදු 15 ට අඩු අය සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය තහනම් කරන පනතකට ප්‍රංශ ජාතික සභාව සහාය ලබා දී ඇත.

අදාළ යෝජනාව ප්‍රංශ ජාතික සභාව වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා පහළ මන්ත්‍රී මණ්ඩලයේ එකඟතාව ලැබී ඇති බව වාර්තා වේ.

පහළ මන්ත්‍රී මණ්ඩලයේ එකඟතාව‍යෙන් අනතුරුව පනත් කෙටුම්පත ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාවට අනුමැතිය සඳහා යයි.

එය සම්මත වුවහොත්, යෞවන යෞවනියන්ට Snapchat, Instagram සහ TikTok යනාදි ජාල භාවිතා කිරීමට නොහැකි වනු ඇත.

පසුගිය වසරේ අගභාගයේ දී ඕස්ට්‍රේලියාවේ ද එවැනි ම නීතියක් සම්මත විය.

 

මූලාශ්‍ර

 

'Major step': French MPs vote in favour of bill to ban social media for under-15s

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න