Image

විමල් වීරවංශට එරෙහි අයථා වත්කම් නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 29 යළි කැඳවයි

විමල් වීරවංශට එරෙහි අයථා වත්කම් නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 29 යළි කැඳවයි

අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අයතා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 29 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (20) නියෝග කළේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් ඉදිරියේ අද කැඳවනු ලැබිණි.

අද දින නඩු විභාගයේදී සිද්ධියට අදාළව සාක්ෂිකරුවන් තිදෙනෙකු අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන් අතර, ඊළඟ නඩු වාරයේ සාක්ෂි විභාගය සඳහා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින අංක 24, 39, 40 සහ 41 දරන සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් මහාධිකරණ විනිසුරුවරයා අද සිතාසි නිකුත් කිරීමට නියෝග කළේය.

සිද්ධියට අදාළ සැකකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ ද අද විවෘත අධිකරණයේ පෙනී සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න