වයස 55 සම්පූර්ණ වූ පසු ආබාධිත මියගිය රණවිරුවන්ගේ දෙමාපියන්ට හා බිරින්දෑවරුන්ට හිමිවන ස්ථාවර දීමනා පවා රජය නීතිවිරෝධී ලෙස අත්හිටුවා ඇති බවත්, අතුරුදන් වූ පවුල්වලට හිමිවිය යුතු දීමනා යම්කිසි ක්‍රමවේදයක් මත නතර කර ඇති බවත්, මෙවැනි බොරු කරුණු කාරණා ඉදිරියට දමා ආබාධිත රණවිරුවන්ට ලබා දෙන සහන කප්පාදු නොකර වහාම ඒවා ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
21 වන දින නුගේගොඩ ආනන්ද සමරකෝන් ක්‍රිඩාංගනයේ පැවැති මහා ජන හඩ රැළිය සඳහා පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සපැමිණි පිරිස ඉස්ලාම් ආගමික වතාවත් හි පිහිටවනු ලැබු සිරාජුඩින් නිබ්රාස් මුහම්මදු මවුලවිතුමන් හට එම රැස්වීමෙන් අනතුරුව එල්ල වු මරණීය තර්ජන පිළිබඳව සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නව ජනතා පෙරමුණ ප්‍රධාන අනුශාසක පූජ්‍ය වැල්ලම්පිටිය සුමනධම්ම නායක ස්වාමින් වහන්සේ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ වෙත ලිපියක් බාර දෙන ලදී.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මෙන්ම රට තුළත් ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් අප පුවත්පතේ පළවූ ‘ග්‍රාම නිලධාරී සහතිකය මදි පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්‍රධානීන්ගේ අනුමැතිය ඕනෑ’ යන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කට උත්තරයක් ලබාදීම සඳහා ‘අරුණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවැති තම බිරිඳගේ ගෞරව ආචාර්ය උපාධි ප්‍රධානෝත්සවය සඳහා සහභාගීවීමට එක්සත් රාජධානිය බලා පියාසර කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය මුදල් රුපියල් ලක්ෂ 166 ක මුදලක් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයන් 50 කගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇතැයි ආරංචි මාර්ග පසුගියදා ප්‍රකාශ කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
