පෙර පැවති බෝගම්බර බන්ධනාගාරය සහ නුවර රිමාන්ඩ් බන්ධනාගාරය විතැන් කරමින් කාන්තා රැඳවියන් 400 ක් සහ පිරිමි රැඳවියන් 2500ක් රැඳවීමට පහසුකම් සැපයීමට සහ නිලධාරීන් සඳහා නිල නිවාස 102ක් සහිතව දුම්බර බන්ධනාගාරය ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත්, එහි ප්‍රතිශෝධිත ඇස්තමේන්තුව අනුව, සමස්ත පිරිවැය රුපියල් මිලියන 4363ක් බවත්, මෙම ව්‍යාපෘතියේ සැලසුම් හා වැඩ අධීක්ෂණ කටයුතු ඉංජිනේරු උපදේශක සමාගම (ECL) ආයතනය මගින් සිදු කරන බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පැවසි ය.
අමාත්‍යවරයා මෙම තොරතුරු ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල විසින් පසු ගිය 19වන දින පාර්ලිමේන්තුවේ දී විමසන ලද පැන කිහිපයකට පිළිතුරු ලබා දෙමිනි.
මතු පළ වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ගෙන් විමසූ ප්‍රශ්න සහ ඒ සදහා අමාත්‍යවරයා ලබා දුන් පිළිතුරු ය.