අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් අද වැඩවර්ජනයක

අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් අද වැඩවර්ජනයක

අක්‍රමවත් ලෙස සිදුකරන ස්ථානමාරු කිරීම්වලට විරෝධය පළ කරමින් අද (22) දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ, අද උදෑසන 8.00 සිට මෙම වැඩවර්ජනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවය.

මේ අතර නැගෙනහිර පළාතේ රෝහල්වල ක්‍රියාත්මක වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන අතර වෛද්‍යවරුන්ගේ දීමනා ගැටලුවට රජය ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට මේ දක්වාත් කටයුතු නොකර සිටීම හේතුවෙන් හෙට (23) සිට අඛණ්ඩ දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න