වත්මන් රජය ලවා සිදුකර ගත හැකි වැදගත් ම දෙය කුමක් ද? - ආනන්ද දේවසිංහ පැහැදිලි කරයි

 වත්මන් රජය ලවා සිදුකර ගත හැකි වැදගත් ම දෙය කුමක් ද? - ආනන්ද දේවසිංහ පැහැදිලි කරයි

වත්මන් රජය ලවා සිදුකර ගත හැකි වැදගත් ම දෙය වන්නේ රටේ පාතාලය, කුඩු සහ මත්ද්‍රව්‍ය උවදුර මෙන් ම දූෂණය වංචාව නතර කරවා ගැනීම යැයි පිරිපුන් සංවිධානයේ සභාපති ආනන්ද දේවසිංහ ප්‍රකාශ කරයි.

සභාපතිවරයා මේ බව කියා සිටියේ 'දිනූ තැනින් ඔබ්බට-පිරිපුන් දේශයක් කරා' මැයෙන් මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද දේවසිංහ...

එක ඔළුවක් වෙනුවට වෙන ඔළුවක් ගේන ක්‍රමය නවතමු

''රට හදන උපායමාර්ගික සැලසුම රට වටා සම්න්ත්‍රණ හරහා දැනුවත් කර, නැවුම් පිරිපුන් කණ්ඩායම් ගොඩනගන්න අපි සූදානම්. එතෙක් ආණ්ඩු මාරු කර නැවත පරණ කණ්ඩායමෙන් කවුරු හෝ එක් අයෙකු නැවත ගෙන ඒම වෙනුවෙන් කිසිදු සහයක් අපි දෙන්නේ නැහැ. මේ ආණ්ඩුවට නැවුම් වඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පහසු වේවි, එබැවින් පරණ දේශපාලකයින් ගේන්න ගන්න උත්සහය පරාජය කළ යුතුයි.

වෙනසක් ඕනෙ. නමුත් ඒක හරි විදියට කරමු, එක ඔළුවක් වෙනුවට වෙන ඔළුවක් ගේන ක්‍රමය නවතමු. මොකද ඒ අලුතින් ගෙන එන එක ඔළුවකවත් නිවැරැදි වැඩ පිළිවෙළ නෑ. ඔක්කොම කතා කරන්නෙ පවතින රජයේ වැරදි මිස, අලුතින් රටට ගේන වැඩපිළිවෙළ නෙමෙයි.

පරණ කණ්ඩායම ගෙන එන්න හිතන්නවත් එපා

මීට වඩා හොඳ රජයක් මිස, මීටත් වඩා ජරාජීර්ණ රජයක් නැවත අවශ්‍ය නෑ. එබැවින් ටික කාලයක් ගමු, නිවැරදිව රටේ පාලනය වෙනස් කරමු. කලබල වී පරණ කණ්ඩායම ගෙන එන එකනම් හිතන්නවත් එපා. සාමාන්‍යයෙන් රජයක් පත් වී ටික කලක් ගත වන විට රජයට තිබූ ජනතා ආකර්ෂණය අඩුවීම සාමාන්‍ය දෙයක්. මොකද යථාර්ථය වන ආර්ථිකය ගොඩ නැගීම, රටේ ජනතාවගේ ආකල්පවල ඇති විවිධත්වය සහ සාමාන්‍යයෙන් අද සමාජය තුළ සිටින මිනිසුන් හදිසි විසඳුම් අපේක්ෂා කිරීම යනාදි කටයුතු හේතුවෙන් මෙම තත්ත්වය උදාවෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගෙනා යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දැඩි විවේචන මෙන්ම දැඩි අපහාසාත්මකව කතා කළා. මේ ආකාරයට රජයන් මාරු කර නව නායකයින් ගෙන ඒමට දරන උත්සාහය නිසා රට තව තවත් ආපස්සට යනවා මිස කිසිදු අකාරයක සංවර්ධනයක් සිදු වන්නේ නැහැ.

(ජේ.මුණසිංහ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න