මහනුවර, පල්ලෙකැලේ ආයෝජන කලාපයේ පිහිටි ගිනි පෙට්ටි කම්හලක ඊයේ රාත්‍රියේ හටගත් ගින්න පැතිර යාම මේ වනවිට පාලනය කර ඇත.
මහනුවර මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය පැවසුවේ අදාළ කම්හලේ විවිධ ස්ථානවල විටින් විට සුළු ගැනීමේ තත්ත්වයන් තවමත් පවතින බැවින් ගිනි නිවීමේ භටයින් තවදුරටත් එම ස්ථානයේ රැදී සිටින බවයි.
ඊයේ රාත්‍රි 8 යි 30ට පමණ එම ගින්න හටගෙන ඇති බව මහනුවර ගිනි නිවීම් ඒකකය වෙත වාර්තා වී ඇත. ඒ අනුව ඊයේ රාත්‍රි සිට අද අලුයම දක්වා දැඩි පරිශ්‍රමයක් යොදා ගින්න පැතිරයාම මැඩපැවැත්වූ බව මහනුවර ගිනි නිවීම් ඒකකයේ ප්‍රකාශයෙකු පැවසිය. යුද හමුදාවේද සහාය ඒ සදහා ලැබී තිබේ.
ගිනි නිවීමේ රථ 3 ක් සහ ගිනි නිවීමේ භටයින් දස දෙනෙකු එම මෙහෙයුම් සදහා එක් කළ බව මහනුවර මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය වැඩිදුරටත් සදහන් කරයි.
එම ගින්න හේතුවෙන් අදාළ ගිනි පෙට්ටි කර්මාන්ත ශාලාවට දැඩි ලෙස හානි සිදුව ඇති බවද මහනුවර ගිනි නිවීම් ඒකකයේ නිලධාරියෙකු පැවසිය.
අදාළ ගිනිපෙට්ටි ආයතනයේ ගිනිකූරු ගබඩාකර ඇති ගබඩාවක මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.
ගින්න ඇතිවීම හේතුව හෝ සිදුව ඇති හානිය පිළිබඳ විමර්ශන පල්ලෙකැලේ පොලීසිය විසින් සිදුකරනු ලැබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
