කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ රැඳයුම් නියෝග මත රඳවා සිටින සැකකරුවකු සම්බන්ධයෙන් , සැකකරුගේ බිරිඳට දුරකථන ඇමතුම් ලබා දී සැකකරු සම්බන්ධයෙන් පුද්ගලික තොරතුරු ලබා දුන් බව කියන පොලිස් සැරයන්වරයකු වැඩ තහනමට ලක් කර ඇත.
දිසා අපරාධ කොට්ඨාශයේ රැඳවුම් නියෝග මත රඳවා සිටින. රංජීත් කුමාර නමැති සැකකරුට පසුගිය මස 29 දින සහ 30 දින රාත්‍රියේ රාත්‍රී සේවයේ යෙදී සිටින අතරතුර සැකකාර සැරයන්වරයා විසින් නිසි අවසරයකින් තොරව ඇමතුම් ලබා ගනිමින් ඔහුගේ බිරිඳට සැකකරු සම්බන්ධයෙන් තොරතුරු ලබා දී ඇති බව පොලිසිය සඳහන් කරයි.
සැකකාර සැරයන්වරයා රැඳුම් නියෝග මත රඳවා සිටින සෙසු සැකකරුවන් සමග ද අනීතික සම්බන්ධකම් පවත්වා ඇති බවටද විමර්ශන වලදී හෙළි වී ඇත.
මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව කොළඹ දිසා අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් විමර්ශනයක් පවත්වා අද (5) සිට වැඩ තහනම සිදුකර ඇත.
(lankadeepa | ඉන්දිකා රාමනායක)

