විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් 21දා රජයට විරුද්ධව පවත්වනු ලබන විරෝධතා රැළිය සඳහා සමගි ජනබලවේගයේ පාර්ශ්ව මෙන්ම සමගි ජනබලවේගයේ නියෝජිතයන් කිහිප දෙනෙකුද සහභාගි වන බව සමගි ජනබලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පැවසීය.
ඔහු එබව කියා සිටියේ, සජබ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (04දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
හිටපු මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
'' පසුගිය වසරේ ලාභ ලැබූ විදුලි බල මණ්ඩලය පම්පෝරි ආණ්ඩුවේ පාලනය යටතේ මාස 6 ක් ඇතුළත රුපියල් කෝටි 1300 කින් පාඩු ලබා තිබෙනවා. ඒ වගේම ඛණිජ තෙල් නීතිගත සංස්ථාවත් මේ වසරේදී පාඩු ලබා තිබෙනවා. කෙසේ නමුත් විදුලි බල මණ්ඩලය පාඩු ලබන්න රටේ විදුලි පාරිභෝගිකයන් විදුලි බිල නොගෙවා සිටියෙත් නැහැ.
ඒ වගේම ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන්න රටේ ජනතාව ණයට ඉන්ධන ලබාගෙනත් නැහැ. නමුත් විදුලි බල මණ්ඩලය සහ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව දැවැන්ත පාඩුවක් ලබා තිබෙනවා. ඒ වගේම
ශ්‍රී ලංකා ගුවන් සමාගම පසුගිය වසරේදී රුපියල් බිලියන 3.5 ක් ලාභ ලැබුවත් මේ වසරේදී රුපියල් බිලියන 7.5 ක් අලාභයක් ලබා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් සමාගම ගොඩගැනීමට වර්තමාන රජය විසින් රුපියල් බිලියන 20 ක් ලබාදී තිබෙනවා. රටේ ජනතාව පීඩාවට පත් කර අය කර ගන්නා බදු මුදල්වලින් ආණ්ඩුව ශ්‍රී ලංකා ගුවන් සමාගමට බිලියන 20 ක් ලබා දී තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ තමයි ශ්‍රී ලංකා ගුවන් සමාගම පාඩු ලබන්නේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
