ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලු ම පුද්ගලයින් 2024/2025 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා මෙම මස 30 වෙනිදාට පෙර මාර්ගගතව (Online), තැපැල් හෝ ගෙනවිත් භාරදීම අනිවාර්ය යැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමන් කියා සිටියේ නියමිත දිනට ආදායම් බදු වාර්තා භාර නොදෙන තැනැත්තන්ට එරෙහිව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත අනුව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බවයි.
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර 1944 අංකයෙන් හෝ www.ird.gov.lk වෙබ් අඩවියෙන් හෝ ආසන්නතම දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයෙන් ලබා ගත හැකි බවද ඇය පැවසුවා ය.
(ජේ. මුණසිංහ)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
