ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් වාහන අවභාවිතා කළ බව කියන සිද්ධියට අදාළව ඇප මත මුදා හැර ඇති හිටපු ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (27) නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේ දී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තුවක් නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඔහු අසනීප බව අධිකරණයට දන්වා සිටිමින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේ ය. නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ඔක්තෝබර් මස 14 යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ ය.
මෙම සිද්ධියේ ඇප මත මුදා හැර ඇති ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මල් , ඇතුළු පස් දෙනකුට එරෙිව පවරා ඇති නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දී නීතිපති උපදෙස් සදහා යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ ය.
මෙම සිද්ධියට අදාළව ඇප මත සිටින ජාතික නිදහස් පෙරමුණු මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්, සේනාරත්නද සිල්වා ඇතුළු පිරිසක් අධිකරණයේ පෙනී සිටියහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
