Image

විදුලිබල ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරයි

විදුලිබල ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරයි

විදුලි බලය සැපයීමට අදාළ සියලු සේවා, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, බෙහෙත් ශාලා, මෙන්ම මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය ආදී සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇතතේ 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2වන වගන්තිය ප්‍රකාරව, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පැවරී ඇති බලතල අනුව ය.

මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ: ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ පසු ආපදා තත්ත්වය සලකා, සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා එකී සේවා අත්‍යවශ්‍ය වන බවත්, ඒවාට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බවත් සැලකිල්ලට ගනිමින් යැයි එහි සඳහන් වේ.

මෙම නියමයෙන් මතු පළ වන උපලේඛනයේ සඳහන් සේවා, 'අත්‍යවශ්‍ය සේවා' බවට ප්‍රකාශයට පත් කර ඇත.

v.jpeg

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න