Image

බුද්ධ ධර්මයේ හඳුන්වාදී ඇති ආගමික ක්‍රම අනුගමනය කර ගැනීම මගින් ජීවිතය සාර්ථක කර ගැනීමට අධිෂ්ඨාන කර ගන්න - මල්වතු අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි

බුද්ධ ධර්මයේ හඳුන්වාදී ඇති ආගමික ක්‍රම අනුගමනය කර ගැනීම මගින් ජීවිතය සාර්ථක කර ගැනීමට අධිෂ්ඨාන කර ගන්න - මල්වතු අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි

ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා බෞද්ධ දර්ශනය තුළ ඉගැන්වීම් කර ඇති වත් පිළිවෙත් අනුගමනය කිරීමට මෙවර වෙසක් දිනයේ දී අධිෂ්ඨාන කර ගත යුතු යැයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ පවසති.

එම ඉගැන්වීම් ක්‍රම මගින් මෙලොව මෙන්ම පරලොව ජීවිත සාර්ථක කර ගත හැකි යැයි වෙසක් දින සුභාශිංසන එක් කරමින් උන් වහන්සේ පැවසූහ.

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අපට වැදගත් වන්නේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ගේ උත්පත්තිය බුද්ධත්වය සහ පරිනිර්වාණය යන මංගල්‍යයන් සිදු වූ උතුම් දිනයක් වන නිසා බවත්, එය සමරනුවස් බෞද්ධයින් වශයෙන් ආමිස සහ ප්‍රතිපත්ති වශයෙන් පූජා දෙවර්ගයක් පවත්වනවා යැයි කී අනුනායක හිමියන් තව දුරටත් මෙසේ සඳහන් කළේ ය.

''ආමිස හා ප්‍රතිපත්තිමව පූජා ද්විත්වයෙන් වඩාත් උසස් පූජාව වන්නේ ප්‍රතිපත්තිමය පූජාවයි. ප්‍රතිපත්ති පූජාමය අනුගමනය කිරීම තුළින් සියල්ලන්ගේ ම ජීවිත සාර්ථක ජීවිත බවට පරිවර්තනය කරගත හැකියි. වැඩිහිටි පිරිස් ප්‍රතිපත්තිමය පූජා කරා වැඩි වශයෙන් නැඹුරු වීම දැකිය හැකි වුවත් වර්තමානයේ දී තරුණ පරපුර ද ඒ සඳහා යොමු විය යුතුයි. ඒ තුළින් බාල තරුණ පරපුර ගුණ ගරුක සාරධර්ම පිරි සමාජයක යහපත් පුරවැසියන් බවට පත්කර ගැනීමේ හැකියාව තිබෙනවා.

දන්දීම සිල් රැකීම වැනි විවිධ පුණ්‍ය කර්ම සිදුකිරීම මගින් තමන්ගේ මෙලොව සහ පරලොව ජීවිතය වඩාත් සාර්ථක කර ගත හැකියි. සිල් රැකීම මෛත්‍රී භාවනාව ආදී ආගමික ක්‍රම ගණනාවක් බුද්ධ ධර්මයේ හඳුන්වා දී තිබෙනවා. ඒ ඒ ක්‍රම අනුගමනය කිරීමට යොමුවීම මගින් තමන්ගේ ජීවිතය වඩාත් සාර්ථක ජීවිතයක් බවට පත්කර ගැනීමට මෙවර වෙසක් දිනයේදී අධිෂ්ඨාන කර ගත යුතු යි.''

nadeeka daya

 

 

 

 

 

නදීක දයා බණ්ඩාර - මහනුවර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න