ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික වෙසක් පෙරහර මංගල්‍යය සිරිත් පරිදි ඊයේ (30) පස්වරුවේ වීදි සංචාරයට එක් විය.
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය දිනයේ උපසම්පදා පෙරහැරෙන් අනතුරුව වෙසක් පෙරහැර වීදි සංචාරයට එක් වන අතර සම්ප්‍රදායානුකූලව එය ශ්‍රී දළදා මාලිගාවේ දේවාල චතුරස්‍රය තුළ ගමන් ගැනීම සිදු කරයි. ඒ අනුව ශ්‍රී දළදා මාලිගාවෙන් පිටවූ වෙසක් පෙරහැර: දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, ඔස්සේ ගමන් කර පන්සල පාරෙන් ඉහළට පැමිණ දේව වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර යළි ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීම සිදුවිය.
ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ඉන්දිරාජා ඇතු සධාතුක පෙරහර කරඬුව වැඩම කර වූ අතර දෑලේ ගමන් ගත්තේ දළදා මාළිගා ඇත් පන්තියට අයත් සින්දු ඇතු සහ දෑල වලව්වේ බණ්ඩාර හස්තියා ය. ශ්‍රී දළදා මාලිගාවේ කාරිය කරවන කෝරාළ පෙරහරේ ගමන් කිරීම මෙහි දී සිදුවේ.

නදීක දයා බණ්ඩාර - මහනුවර
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
