කරුණාව සහ ප්‍රඥාව පෙරහැරිව මෙම උතුම් වෙසක් මංගල්‍යෙය් දී අන් අයට පිහිට වීමට කටයුතු කළ යුතු යැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමියෝ පවසති.
විෂය දැනුම පමණක් නොව ජීවිත අවබෝධය සහ යථාර්ථය දැකීමට මෙම වෙසක් දිනයේ දී අධිටන් කර ගත යුුතු යැයි වෙසක් මංගල්‍ය නිමිත්තෙන් සුභාශසිංන එක් කරමින් උන් වහන්සේ මේ බව සඳහන් කළහ.
යමෙකුට ඒ දැනුම ප්‍රඥාව ලබා ගැනීමට හැකි නම් බුදුන් වහන්සේ අපේක්ෂා කළ ධර්මය අවබෝධ කර ගැනීමේ මාර්ගයට ප්‍රවේශ විය හැකි යැයි පැවසූ අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමියන් තව දුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.
ධර්මය දකිමින් බුදුන් වහන්සේ දැකිය යුතු යි
''බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහළවීම සමස්ත ලෝකයා ගේ ම සැපතක් සඳහායි සිදු වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ලොව කොතරම් සැප සම්පත් පැවතුණත් උතුම්ම සැපත වන්නේ නිවන් සුවය යි. නිවන් සුවය අවබෝධ කර ගැනීමට නම් ඒ සඳහා නිවරැදි මග පෙන්වීමක් අවශ්‍යයි. ලොව්තුරු බුදුන් වහන්සේ ලොව පහළ වන්නේම ඒ මාර්ගය පෙන්වා දීමටයි. උන්හන්සේ ගේ පහළ වීම එළොව මෙලොව දෙවලොවටම වැඩදායක වන අතර උන් වහන්සේ ගේ ධර්මය අප දෙලොවටම වැඩ දායක කර ගත යුතුයි. උන් වහන්සේගේ ධර්මය අනුව වැදගත් වන්නේ සෑම පුද්ගලයෙකු ම ප්‍රඥාවන්තයෙකු වීමයි. විද්‍යාව සහ ප්‍රඥාව යන දෙකම විශේෂ කොට උන් වහන්සේ සිය ඉගැනීම්වල දී පැහැදිලි කළා. දැනුමෙන් සියල්ල අවබෝධ කර ගැනීම අපහසුයි. දැනුමෙන් එහාට ගිය දේ ප්‍රඥාව. ඒ ජීවිතය ඇති හැටියෙන් දැකීම සහ සසර මැනවින් අවබෝධ කර ගැනීමයි. ඒ නිසා ධර්මය දකිමින් බුදුන් වහන්සේ දැකීම මේ අර්ථාන්විත දිනයේදී සියලු දෙනා අවබෝධ කර ගත යුතුයි.
වඩා වැදගත් වන්නේ බුදුන් වහන්සේගේ ධර්මය දැකීම යි
බුද්ධ ප්‍රතිමා ආදිය දැක ශ්‍රද්ධාව භක්තිය උපදවා ගන්නාවාට වඩා බුදුන් වහන්සේගේ ධර්මය දැකීම ඉතාම වැදගත්. ධර්මය දැක ධර්මය අවබෝධ කර ගැනීම බුදුන් වහන්සේ දැකීම හා සමාන වේ. වෙසක් දිනයේදී දන්සැල්, පිංකම්. වෙසක් තොරණ්, කූඩු ආදිය පවත්වමින් රටම වෙසක් සිරියෙන් ඇළලී යනවා. මුළු රටම දර්ශනීය අයුරින් ආලෝකවත් වුවත් අප එතැනින් නතර නොවී බුදුන් වහන්සේ පෙන්වා දුන් දර්ශනය අවබෝධ කර ගෙන ජීවිතය සාර්ථක කර ගත යුතුයි. බෝසත් අවධියේ දී නිවන් අවබෝධ කර ගැනීමට හැකියාව තිබුණත් බුදුන් වහන්සේ නමක් ලොව පහළ වන්නේ අපටද නිර්වාණය අවබෝධ කර දීම සඳහා යි.''

නදීක දයා බණ්ඩාර - මහනුවර
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
