වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් සෙංකඩගල (මහනුවර) නගරය වර්ණවත් වෙසක් සැරසිලිවලින් අලංකාරව සැරසී තිබේ.බුදු දහමට ගෞරව දැක්වීමේ අරමුණින්: දාන, ශීල, භාවනා ඇතුළු ආගමික කටයුතු රැසක් නගරය පුරා සංවිධානය කර ඇත.
විදුලි ආලෝක, පහන් කූඩු සහ තොරණ මගින් නගරයට විශේෂ වෙසක් සිරි අසිරියක් එක්ව ඇති අතර දහස් සංඛ්‍යාත සැදැහැවතුන් ගේ සහභාගීත්වය ද දැකගත හැකි ය.අස්ගිරි මහ විහාරය, එම පිරිවෙන කේන්ද්‍ර කර ගනිමින් වෙසක් කලාපයක් ක්‍රියාත්මක වන අතර අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් ගේ අනුශාසනා පරිදි එම කලාපය සංවිධාන කෙරේ.

නදීක දයා බණ්ඩාර - මහනුවර
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
