ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිරීක්ෂණ, විමර්ශන සහ අධීක්ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් නිල ආරක්ෂක ආධාර ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවට ජපන් යෙන් මිලියන 500 ක ප්‍රදානයක් ලබා දීමට ජපාන රජය එකඟ වී තිබේ.
මෙම මුලපිරීමේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල ආරක්ෂක ආධාර ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විමර්ශන, නිරීක්ෂණ සහ අධීක්ෂණ කටයුතු සඳහා ඩ්‍රෝන යානා ලබා දෙනු ඇත.
ජපානයේ ඉදිරි නිල රාජ්‍ය සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ හුවමාරු ලියකියවිලි සහ ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.
ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
