පවතින අධික වර්ෂාව සමඟ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හල්දුම්මුල්ල මරංගහවෙල හපුතලේ ප්‍රදේශයේදී ගල් පෙරළීමේ අවදානමක් මතුවී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
මේ වනවිටත් ධාරානිපාත වර්ෂාව සමඟ හල්දුම්මුල්ල කළුපහන පුස්සැල්ල ප්‍රදේශයේදී විශාල ගල් කුළු කිහිපයක් කඳුමුදුනේ සිට මාර්ගය මතට කඩා වැටී ඇති බවත් වාහන ගමන් කළ හැකි වුවද ඒ පිළිබඳව අදාළ අංශ දැනුවත් කළ බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් කුමාර රාජපක්ෂ පැවසීය.
කෙසේ වෙතත් පවතින අධික වර්ෂාව හමුවේ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට මරංගහවෙල බෙරගල හපුතලේ අතර ප්‍රදේශයේදී මාර්ගය දෙසට කදු මුදුන් වල සිට ගල් පෙරළීමේ අවදානමක් පවතින බැවින් විමසිලිමත්ව අවධානයෙන් රථ වාහන ධාවනය කරවන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටි.
(සමන් පාලිත නානායක්කාර)