කොළඹ ගැඹුරු මුහුදේ බොරතෙල් මෙට්‍රික් ටොන් දෙසීයක්

කොළඹ ගැඹුරු මුහුදේ බොරතෙල් මෙට්‍රික් ටොන් දෙසීයක්

කොළඹ වරාය ආසන්න ගැඹුරු මුහුදේ සිට ඛනිජ තෙල් සංස්ථාව වෙත තෙල් ප්‍රවාහනය කෙරෙන නළයක 14දා  අලුයම පිපිරීමෙන් සිදු වූ කාන්දුව හේතුවෙන් බොර තෙල් මෙට්‍රික් ටොන් දෙසීයක් පමණ ගැඹුරු මුහුදට එක්ව ඇතැයි අනුමාන කෙරෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර කියයි.

කොළඹ අලුත් වරායේ සිට නාවික සැතපුම් තුනහමාරක පමණ ඈතින් දිවෙන නළයක මේ පිපිරීම සිදුව ඇති බවත්, මේ පිපිරීමත් සමඟ කෙටි කාලයකින් තෙල් ගෙන යන නළයේ සැපයුම නෞකාවෙන් නවතා දමා ඇති බවත් සභාපතිවරයා පැවැසීය.

එහෙත් පවතින තොරතුරුවලට අනුව තෙල් මෙට්‍රික් ටොන් දෙසීයක් පමණ මුහුදු ජලයට එක්වන්නට ඇතැයි ඔහු අනුමාන කළේය.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් බොරතෙල් ගොඩ බෑමේ බෝයාවට, කොළඹ වරායට ආසන්න ගැඹුරු මුහුදේ නැංගුරම් ලා ඇති ‘MT ASP Avana’ නෞකාවේ සිට බොර තෙල් ගෙන යන නළයක සිදු වූ පිපිරීමක් හේතුවෙන් මේ තෙල් කාන්දුව සිදුව ඇති බවද ඔහු සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න