කොළඹ ඉඩම් මිල තවදුරටත් ඉහළට

කොළඹ ඉඩම් මිල තවදුරටත් ඉහළට

කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් මිල ඉහළ යෑමේ ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගනිමින්, 2025 වසරේ දෙවන භාගය තුළ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම දත්තවලට අනුව, 2024 වසරේ දෙවන භාගයට සාපේක්ෂව 2025 වසරේ දෙවන භාගයේ දී ඉඩම් තක්සේරු දර්ශකය සියයට 10.6කින් වර්ධනය වී තිබේ.
මෙම වර්ධනය නේවාසික, වාණිජ සහ කාර්මික යන අනු දර්ශක තුනෙහි ම පැහැදිලිව පිළිබිඹු වීම විශේෂත්වයකි.
නේවාසික 12.4%
වාණිජ 11.3%
කාර්මික  8.0%
අර්ධ වාර්ෂික ප්‍රවණතාව 2025 වසරේ පළමු භාගයට සාපේක්ෂව, දෙවන භාගය තුළ දර්ශකය සහ එහි අනු දර්ශක සියල්ලම වර්ධනය වී ඇත්තේ මධ්‍යස්ථ වේගයකිනි.
එහිදී ද වාණිජ සහ නේවාසික අංශයන්හි වර්ධන වේගය අනෙක් අංශවලට වඩා ඉහළ මට්ටමක පවතින බව නිරීක්ෂණය වේ.

මූලාශ්‍රය

කොළඹ ඉඩම්වල තක්සේරු වටිනාකම ඉහළට

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න