කොන්සර්ට් එකක් සහ ස්වයං උපහාර උළෙලක්

කොන්සර්ට් එකක් සහ ස්වයං උපහාර උළෙලක්

විෂුවල් ආර්ටිස්ට් කෙනෙක් හැටියට මොකක් හෝ කරුමෙකට හෝ හොඳකට මට සමහර දේවල් පේන්නෙ සාහිත්‍ය ලෝකයෙන් පිටත යි.

මම හිතන්නේ ලංකාව සාහිත්‍ය ලෝකයෙන් ගිල ගත්ත රටක්. අපේ සිනමාව ගත්තොත් අපේ සිනමාවෙත් වචන තීරණාත්මකයි. විමුක්ති ජයසුන්දර වගේ කෙනෙක් ගත්තොත් විමුක්ති ගේ සිනමා භාෂාවෙ වචන ද්විතීයිකයි. කොටින්ම කිව්වොත් රංගනය පවා ද්විතීයිකයි. විමුක්ති ගේ සිනමා භාෂාව කිසියම් රූපමය කථන සම්පිණ්ඩණයක්. පෘථුල දෘෂ්‍ය ප්‍රක්ෂේපණයක්.

වැල යන අතට මැස්ස ගහන හිඟන චින්තනය

නළු නිළියන් එහි යම් එලිමන්ට් එකක් විතරයි. පොදුවේ ගත්තාම අපේ කලාව නම් වපසරියේ ජනප්‍රිය සහ මහා පොදු සාධකය වෙලා තියෙන්නෙ සාහිත්‍යය. ලංකාවෙ මොසාට්ලා බිතෝවන් ලා වැන්ගෝලා, වාස්තුවේදී ලේ කබුෂිලා බිහි නොවන්නෙ සිරස, හිරු, දෙරණ වගේ බිතෝවන්ලා අහන්නැති මේ අය පරිශීලනය කරන්නැති සාහිත්‍යට යට වුණ ග්‍රාමීය උරුමයක් සහිත වැඩසටහන් නිෂ්පාදකයින්ගෙ වැල යන අතට මැස්ස ගහන අලි හිඟන චින්තනය නිසයි.

අංගවිකල සාහිත්‍ය සංදර්ශනයක්

වැලන්ටයින් දිනය නිමිති කරගෙන කොන්සර්ට් දෙකක් පහුගියදා තිබුණා. එකක් නෙළුම් පොකුණෙ. අනෙක සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ. නෙළුම් පොකුණෙ තිබුණ කොන්සර්ට් එකේ නම හන්ගර්. සුගතදාසෙ තිබූණ එක නිර්වාණ. පළමුවැන්න කොන්සර්ට් එකක්නං දෙවැන්න ගායකයකු හෝ සංගීත නිර්මාපකයකු නොවන ගීත රචකයකු වන තනි පුද්ගලයකු නාභිගත වන ආකාරයේ ස්ටේජ් සැලසුමකින් යුක්ත ඔහු වටා ගායක ගායිකාවන් සහ ශිල්පීන් ඇඹරෙන උපහාර උළෙලක් වගේ. ගායනය, වාදනය සහ සංගීත නිර්මාණ දායකත්වය නැති ගී පදරචකයෙක්, නවකතාකරුවෙක්, ග්‍රන්ථ ප්‍රකාශකයෙක්, පූරකයෙක්, බහුකාර්ය යූටියුබර් කෙනෙක්, දේශපාලන ක්‍රියාධරයෙක් වන කෙනෙක්ට නාභිගත වුණ, ගුරු - ශිෂ්‍ය සබඳතා පන්ති කාමරයෙන් එළියෙ දි පරම්පරා ගණනාවක් දක්වා ගෙන්වලා ඔවුන්ගේ ම දායකත්වයෙන් තමන් කේන්ද්‍ර කර ගත්ත මේ වගේ අංගවිකල සාහිත්‍ය සංදර්ශනයක් ලෝකෙ කොහේවත් නෑ.

tea1

හන්ගර් සමස්තය අභිමුඛ සභාවට

ඔය මැඩෝනලා ගෙ, ජැක්සන්ලා ගේ ගී පද රචනාකරුවන් ලංකාවෙ වගේ මෙහෙම උඩට එන්නෙ නෑ. ඇත්තට ම ඒවායේ ගී පද රචනා ගොඩාක් ම වෙලාවට සංගීතය වෙනුවෙන් කරන සාමුහික සංස්කරණාත්මක කාර්යයක්. නමුත් කවියන් එහෙම අය නෙමි. ඒක නේ පබ්ලෝ නෙරූදා වගේ කවි ප්‍රතිරූප තියෙන්නෙ.

හන්ගර් කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම කොන්සර්ට් එකක්. කොන්සර්ට් එකක දි පූරකයා කියන්නෙ එක් අතරමැදි භූමිකාවක් විතරයි. මම: වික්ටර්, කපුගේ, නන්දා, මාලිනී බුලත්සිංහල, සනත් නන්දසිරි යන අයගෙ ඒකපුද්ගල කොන්සර්ට් බලලා තියෙනවා. ඒවයේ පූරකලා නැහැ. අර යානි යානිගෙ කොන්සර්ට්වලදි ඒ ඒ අයිටම්වලදි ප්‍රවේශය ගන්නවා වගේ ම ඒ අයමයි ඒවයෙ ඕඩියන්ස් එකට කතා කරන්නෙ. ඒ වගේම හන්ගර් තුළ අධිනිශ්චය වුණේ ගායක ගායිකාවන් සහ වාද්‍ය වෘන්දය. හන්ගර් සමස්තය ඕඩියන්ස් එකට තමයි අභිමුඛ. ඒ කොන්සර්ට් එක කරන්නෙත් කොන්සර්ට් කරන්න ම සැලසුම් කරපු රංග ශාලාවක.

concert02

රැස්වළලු වියැකීම සහ යට යෑම

සන්නස්ගලගෙ නිර්වාණ පවත්වන්නෙ ගෘහස්ථ ක්‍රීඩාංගණයක. වාද්‍ය වෘන්දය අභිමුඛ කරලා තිබුණෙ ටියුෂන් පන්තියක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගුරුවරයාට අභිමුඛ වෙනවා වගේ රවුමක් හැදිලා සන්නස්ගල දිහාට. ඕඩියන්ස් එකට නෙවෙයි. ඕඩියන්ස් එකේ පැත්ත බැලුවත් ඉන්දිකා උපමාලි නමැති ගායනයේ කෙළ පැමිණි ගායිකාවක් සිය ප්‍රසාංගනය ඉදිරිපත් කරේ සන්නස්ගලට. එහෙම වෙන්නෙ වේදිකාව කල් වේලා ඇතිවම එහෙම මැප් එකක දිග ඇරෙන්න සන්නස්ගලට තිබුණ ඊගෝව නිසා. සන්නස්ගල කලිසමේ එක සාක්කුවකට අත දාගෙන ටියුෂන් පන්තියක දි වගේම ඕඩියන්ස් එකටයි වාද්‍ය වෘන්දයටයි දෙසනවා. ඇත්තට ම සංගීතය සහ ගායනයට වඩා කාලයක් ගියේ සන්නස්ගල කියවන ඒවට. හොඳ වෙලාවට කසුන් කල්හාර, නදීක ජයවර්ධන යන අය සන්නස්ගල ගේ මෝටිවේෂන් සාහිත්‍ය කොන්සර්ට් එක හෙවත් ස්වයං උපහාර උළෙලට නොයා හන්ගර් කොන්සර්ට් එකට ගියේ. එහෙම වුණා නම් කසුන්ල ගෙ රැස් වළල්ල වියැකිලා සන්නස්ගල ගෙ පදරචනා රැස්වළල්ලට යට වෙනවා.

අපි ලද භාග්‍යය

මේ නෙළුම් පොකුණෙ රියල් කොන්සර්ට් එක වගේ නෙවෙයි ආදරය ගැන සන්නස්ගල කියවන සන්නස්ගල ගෙ ස්වයං උපහාර උළෙලක් බදු කොන්සර්ට් එක හවුස් ෆුල් නොවීම එක අතකින් අපි ලබපු භාග්‍යයක්. නමුත් ඒ ගැන තමයි සෝෂල් මීඩියා කතා බතා වැඩියෙන් ම තිබුණෙ. සිරස සන්නස්ගල ගෙ නිර්වාණ වාර්තා කරේ බිම පෙරළි පෙරළි. සාමාන්‍යයෙන් සංගීත නිර්මාපකයා පදරචනයේ සහ ගායනයේ යුක්ති යුක්තතාව කතා කිරීම තමයි අපි කේමදාසගෙන් දැක්කෙ. කේමදාසලාගේ සොහොන් උඩ පවත්වන නිර්වාණ යන නවකතාවත්, කතුවරයා ගේ වෙනත් නවකතාත් යා කරන පදරචකයෙක් කේන්ද්‍රයේ ඉන්න මේ ස්වයං උපහාර උළෙල එක පැත්තකින් සිරස වගේ චැනල්වල රෝග ලක්ෂණයක්. මම හිතන්නෙ මේ සිරසෙ වැඩසටහන් නිෂ්පාදකයන්ව මහාරාජා කොම්පැණියෙන් යවන්න ඕනි බටහිර රටවල්වල කොන්සර්ට්, කලාගාර, කලා කෞතුකාගාර, එන්වයර්මන්ට් බලලා එන්න.

con3

ආදරය විෂයෙහි අත් හැරීම සහ වගවීමේ සත්‍යය

සන්නස්ගල සිරසෙ වැඩසටහනක දි වැඩසටහන මෙහෙයවපු ලස්සන කාන්තාවකට කියනවා පියයුරු කියන්නෙ හුස්ම ගන්න කොට්ටයක් ය කියලා. එහෙම කියනකොට ඒ ළමයගෙ හැගීම් වෙනස් වෙන හැටි සිරස ක්ලෝස්අප්වලින් ඉතිං පෙන්නනවා. ඔය වගේම කළුවරේ හුස්ම ගන්න හැටි... ඔය වගේ ආදරයේ කතා සන්නස්ගල කටපාඩමින් කොන්සර්ට් එකෙත් කියෝනවා. ඇත්තට ම මම හිතන්නේ මේ කතා ආදරයේ නිෂ්ටා කියවෙන කතා නෙවෙයි; ආදරය සරසන සීකුවින්ස්. අපි ගත්තොත් බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් හුණුවටයෙන් ගෙනාවේ ආදරයට ප්‍රවාදයක්. විශ්වසනීය සංකල්පයක්. වැදු මවට සහ හැදූ මවට සිය දරුවාගේ අයිතිය පිරිනමන්න අසඩක් විනිසුරුවරයා කරේ හුණු කූරකින් රවුමක් ඇඳලා රවුම මැද මයිකල් කුමාරයා තියලා තමන්ගෙ පැත්තට ඇදලා ගන්න කෙනාට ළමයගෙ අයිතිය දෙන බව උපක්‍රමිකව කියලා අවස්ථාව දීම.

අන්තිමට මොකද වුණේ...? හැදූ මව හෙවත් කන්‍යාවියක වන ගෲෂා කියනවා තමුසෙ කියන්නෙ මට මේ ළමයගෙ අත ඇදලා කඩලා ගන්න ද කියලා . ඒ අනුව අසඩක් ළමයා දෙන්නෙ ගෲෂාට. ආදරය විෂයෙහි අත් හැරීම වගේම වගවීමේ සත්‍යය තමයි ඒ අනුව බ්‍රෙෂ්ට් ආදරය හැටියට ප්‍රවාද ගත කරන්නෙ.

concert 04

ගැහැනුන්ට කරන වෙනස්කම්

සන්නස්ගල පියයුරු කියන්නේ හුස්ම ගන්න කොට්ටයක් ය කියලා කියනකොට කොට්ටයක් වගේ පිම්බුණේ නැති දරකෝටු වගේ ඇඟක පිහිටපු පියයුරු, ඇඟට ඇලුණ වයසක කෙනෙකුගෙ පියයුරු ඒ කොට්ට ෆැන්ටසියෙන් පිට යනවා. මම හිතන්නෙ සන්නස්ගල සාහිත්‍යයෙන් මවන්නේ සංකල්නා හෝ ප්‍රවාද නෙවෙයි; අස්වාභාවික ෆැන්ටසි. ආදරය නෙවෙයි; වැඩුණු ගැහැනුන්ට තියෙන මලපෙරේතකම. සන්නස්ගල ම කියලා තියෙනවා එයාට තිබුණ ප්‍රේම සබඳතා කන්දරාව. මෑන් ඒ සම්බන්ධතා ඌණනය කරලා තිබුණෙ තමන් ඒ අයත් එක්ක ලිංගික සංසර්ගයෙන් පස්සෙ ශුක්‍ර පහ වුණා ම මෑන්ට ඒ අවස්ථාව ලියන්න මොරාල් දෙන දෙයක් හැටියට. එහෙම වෙලත් මෑන් ලියන්නෙ සංකල්පනා සහ ප්‍රවාද නෙවෙයි. තමන්ගෙ නොනවතින මල පෙරේත ෆැන්ටසි. මේ වගේ ෆැන්ටසි මත එක්රොක් වෙන ජනයා නෙවෙයි ලයනල් වෙන්ඩ්ට් තියටර් එකේ එක් රොක් වෙන්නෙ. ඉංග්‍රීසි කතා කරන ඉහළ මධ්‍යම පන්තිය මේ යකා ගෑනු ළඟ තියාගෙන කියන කතා සලකන්නෙ ගැහැනුන්ව ඩිස් ක්‍රිමිනේට් කරන කතා හැටියට.

 

ගුරු කේන්ද්‍රීය දේශනාරූඩ දායක සභා

එකපැත්තකින් සන්නස්ගල මගින් අපිට ගන්න තියෙන තව පාඩමක් තමයි තටු ලැබුණ අපේ සැබෑ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ නිෂ්ටාව. කවුරුහරි මට කියන්න සන්නස්ගල වගේ සන්නස්ගල අභිභවා ගිය සන්නස්ගල ගෙ ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක්. ගුරු කේන්ද්‍රීය දේශනාරූඩ අධ්‍යාපන ක්‍රමයේ ව්‍යවහාරික මුදුන් මල්කඩ තමයි සන්නස්ගල. සන්නස්ගල අතික්‍රමණය කරපු සන්නස්ගල ගෙ කිසිම ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක් නැහැ. සියල්ලෝ ම සන්නස්ගල නමැති මහා වෘක්ෂයක එතෙන ලියවැල්.

Graduates throwing cap. Silhouette high achievements. School student hat vector

නමුත් මේ පශ්චාත් වැඩවසම් ගුරු කේන්ද්‍රීය දේශනාරූඩ අධ්‍යාපන ක්‍රමය ලංකාවෙ වෙනස් කරනෙක ලේසි නැහැ. අවුරුදු පනහා පැනපු සන්නස්ගල ගෙ ගෝලයොත් සන්නස්ගල ගෙ ඇඟේ එතෙන හැටි දැක්කම ගුරු කේන්ද්‍රීය දේශනාරූඩ දායක සභා මොඩලයක් තමයි අපේ සැබෑ අධ්‍යාපන මොඩලය. කත්නෝරුවේ සිරිධම්ම, සමන්ත භද්‍ර ඔන්න ඔය කට්ටිය සන්නස්ගල වර්ෂන් එකේ සිවුරු වර්ෂන්.

 

suji1

 

 

 

Sujith Rathnayake

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න