ඉන්දික ගමගේ, Ajman Duathlon 2026 තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගනී

ඉන්දික ගමගේ, Ajman Duathlon 2026 තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි අජමාන් නගරයේ පැවති Ajman Duathlon 2026 තරගාවලිය සඳහා ඉන්දික ගමගේ විවෘත අංශයේ Olympic Long Distance ඉසව්ව නියෝජනය කරමින් සහභාගි විය.

එහි දී මාර්ග ධාවන අංශයේ කිලෝමීටර් 10KM දුරක්, බයිසිකල් ධාවන ඉසව්ව 40KM සහ නැවත 5KM  ධාවන ඉසව්ව දිවීම යන සමස්ත ඉසව්ව පැය 02 විනාඩි 11 කාලයකින් තරගය අවසන් කරමින් එහි විවෘත අංශයේ රිදී පදක්කම දිනාගැනීමට ඔහු සමත්විය.

මෙම තරගාවලිය සංවිධානය කරන්නේ U.A.E Triathlon Federation , Endurance Sports Services සහ Department of Tourism Culture & Media Ajman යන ආයතන එක්ව ය. වාර්ෂිකව සංවිධාන කරන තරග ඉසව්වක් වන අතර මෙවර රටවල් 20ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 250ක් පමණ එයට සහභාගී වූහ.

 

සමීර මදුසංක හේවා ගමගේ

 

indika2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න