ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට හෝ දැඩි සීමාවන් පැනවීමට මේ වන විට සූදානම් වෙමින් පවතිනවා.
පසුගියදා ඔස්ට්‍රේලියානු රජය එරට තුළ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට ගත් පියවරත් සමග ඔවුන්ව අනුගමනය කරමින් ඉන්දියාව ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව සමාජ මාධ්‍ය සීමා කිරීම් සම්බන්ධයෙන් ඉන්දීය ප්‍රාන්ත කිහිපයක අමාත්‍යවරුන් විසින් කරුණු අධ්‍යයනය සිදුකරමින් සිටින බව ද වාර්තා වන අතර ඉන්දියාව තුළ ළමුන් සඳහා සමාජ මාධ්‍ය සීමා කිරීම පහසු නොවන කාර්යයක් බව එරට විශේඥෂයින් පෙන්වා දී ඇත.

