ඉන්දියාවේ බස් ගින්නකින් 20ක් මරුට

ඉන්දියාවේ බස් ගින්නකින් 20ක් මරුට

ඉන්දියාවේ පුද්ගලික බස් රථයක් හා යතුරු පැදියක් ගැටී සිදු වූ අනතුරකින් හටගත් ගින්නකින් පුද්ගලයින් 20 දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, එරට මාධ්‍ය වාර්තා කරයි.  


බෙන්ගලුරු සහ හයිද්‍රාබාද් අතර ප්‍රධාන මාර්ගයක අද (24) එම අනතුර සිදු විය.  

අනතුරත් සමග ඇති වූ  ඉන්දන කාන්දුවකින් ගින්න හටගෙන තිබේ.

ඉන්දියාව ලොව තෙවන විශාලතම කාර් වෙළඳපොල වේ. එහි අන්තරායකර  මාර්ග රැසක් ද පවතී.  ඉකුත් වසරේ රට පුරා සිදු වූ මාර්ග අනතුරු හේතුවෙන් 180,000කට අධික පිරිසක් මරණයට පත්වූහ.

අද අනතුරින් බස් රථයේ ගමන් ගත් මගීන් 41 දෙනකු අතරින් 20 දෙනකුගේ දිවි ගලවා ගත් බව බලධාරීහු පවසති. 11 දෙනකුගේ මළ සිරුරු මේ වන විටත් හඳුනාගෙන තිබේ.

පසුගිය මස, එරට බටහිර රාජස්ථාන් කාන්තාර ප්‍රාන්ත මාර්ගයකදී බස්රථයක් ගිනි ගෙන සිදු වූ  එවැනිම අනතුරකින් පුද්ගලයින් 19 දෙනකු ජීවිතක්ෂයට පත්වූහ.



(සටහන | Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/24/2025


Bus collision blaze kills 20 in southern India, media say


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න