ඉන්දියාවේ කොල්කටා (Kolkata ) නගරය සහ තදාසාන්න පෙදෙස් වෙත දින ෙදකක (23) සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවෙන් සිදු වූ අනතුරු වලින් අවම වශයෙන්, පුද්ගලයින් 12 දෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.
ගංවතුර තත්ත්වය හේතුවෙන් නගරයේ වීදි ජලයෙන් යටවී පවතින අතර, ගමනාගමනය ද ඇණ හිට තිබේ.
ඊයේ දිනයේ පමණක් ප්‍රදේශයට මි.මී.251.6 ක වර්ෂාපතනයක් ඇද හැලුණු බව කොල්කටා කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි. එය 1988න් පසු ඒ වෙත මෙතෙක් ලද වැඩිම වර්ෂාපතනය වේ.
වැඩි පිරිසක් මරණයට පත්ව ඇත්තේ විදුලි සැර වැදීමෙන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
බටහිර බෙංගාල ප්‍රාන්ත වැසියන් එහි විශාලතම වාර්ෂික සංස්කෘතික උළෙල වන දුර්ගා පූජාවට සැරසෙමින් සිටින අවස්ථාවක මෙම හදිසි තත්ත්වය උද්ගතව තිබේ. ඒ වෙනුවෙන් ඉදි කළ තොරණ, වෙනත් තාවකාලික ඉදි කිරීම් ඇතුළු සැරසිලි විනාශව පවතී.
උත්සවය පිණිස නගරය පුරා මැටියෙන් ඉදි කළ ප්‍රතිමා සහ දේව රූප සියල්ල ද විනාශ වී තිබේ.
ගංවතුර තත්ත්වයෙන් නගර වැසියන් දැඩි පීඩාවකට පත්ව සිටී.
පවතින අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් බස් රථ, දුම්රිය සහ ගුවන් සේවා ඇතුළු ප්‍රවාහන සේවා සියල්ල අඩාලව තිබේ. නගරය සහ ඒ අවට පැය ගණනක විදුලි විසන්ධි වීම් පවතින බව ද වාර්තා වේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/24/2025
මුලාශ්‍රය :
At least 12 dead as record rain floods India's Kolkata

