ආණ්ඩුවට හරි අප්සට් එකක් වුන කොළඹ මහනගර සභාවේ අයවැය පරාජය පිළිබඳ අර්බුදයන් සමථයකට පත් කරගන්න ආණ්ඩුව දහම් ගැට ගණනාවක් ගහමින් ඉන්නවලු.
සමහර නගර සභා මන්ත්‍රීවරුන්ට විදේශ සංචාර වෙන සන්තෝසම් වගේ දේවල් ලෑස්ති කරලා තියෙනවාලු. ඒ අතරේ ෂුවර් නැති ඡන්දත් තියෙනවයි කියලා කියවෙනවා
කොහොම නමුත් ඒ කිසිම වරදානයක් දීලා සන්තෝස කරන්න බැරි ප්‍රතිපත්තිගරුක මන්ත්‍රී පිරිසක් ඉන්න හින්දා වැඩේ ටිකක් අවුල් වෙලාලු.
ඒ නිසා මේ අයට සත්තමක් දාලා නිහඬ කරවීමේ වැඩපිළිවෙලකුත් යනව.
ඒ වැඩේ භාර දීලා තියෙන්නේ එංගලන්තෙ පැත්තෙ ඉන්න මාර බඩුවකටලු. එයාගේ පවුලේ කීපදෙනෙකුත් නගර සභාවේ ඉන්න බවයි ආරංචි.කොහොමහරි මෙයාගේ සත්තමි දුරකථන ඇමතුම් කීපයක් නාගරික මන්ත්‍රීවරු කිහිප දෙනෙකුට ලැබිලාලු.
ඒවා රෙකෝඩ් කරලා පොලිසියට දෙන්න විපක්ෂයෙනුත් වැඩපිළිවෙලක් සිද්ධ වෙමින් පවතින බවයි කියන්නේ.

