අනවශ්‍ය ආකාරයට සිනහසෙමින්, විහිළු තහළු කරමින් ආහාර ගැනීමෙන් වළකින්නැයි හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජේසිංහ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Professor Namal Wijesinghe youtube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.
එමෙන් ම: පොත් කියවමින්, රූපවාහිනය නරඹමින්, ස්මාර්ට් දුරකතනය නරඹමින් ආහාර ගැනීමෙන් වළකින්නැයි ද වෛද්‍ය නාමල් විජේසිංහ අවධාරණය කළේ ය.

