අරුණ ප්‍රධාන කර්තෘ CIDයට කැඳවයි

අරුණ ප්‍රධාන කර්තෘ CIDයට කැඳවයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මෙන්ම රට තුළත් ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් අප පුවත්පතේ පළවූ ‘ග්‍රාම නිලධාරී සහතිකය මදි පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්‍රධානීන්ගේ අනුමැතිය ඕනෑ’ යන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කට උත්තරයක් ලබාදීම සඳහා ‘අරුණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

ඉහත ප්‍රවෘත්තිය සම්බන්ධ‍යෙන් ලද පැමිණිල්ලකට අදාළව කෙරෙන විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙනුවට එම දැනුම්දීම කර ඇත්තේ සහකාර පොලිස් අධිකාරීවරයා විසිනි.

මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ ප්‍රබල හඬක් මතු කළ අතර එම ප්‍රවෘත්තියේ සත්‍යතාවය වෙනුවෙන් තොරතුරු සහිතව පෙනී සිටියේය. එම ප්‍රවෘත්තියේ සත්‍යතාවය තහවුරු කිරීමට තම ආයතනවල පවතින තත්ත්වයත් උදාහරණයට ගනිමින් විපක්ෂයේ මන්ත්‍රිවරු තොරතුරු හෙළි කරනු ලැබීය.

එමෙන්ම ‘අරුණ’ පුවත්පතේ එම ප්‍රවෘත්තියේ සත්‍යභාවය තහවුරු කරමින් මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍ය ජාලා, රූපවාහිනි ආයතන රැසක් තොරතුරු සහ කරුණු ඉදිරිපත් කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කැඳවීම කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න